Quran Apps in many lanuages:

Surah Az-Zamar Ayahs #72 Translated in Sinhalese

وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ إِلَّا مَنْ شَاءَ اللَّهُ ۖ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَىٰ فَإِذَا هُمْ قِيَامٌ يَنْظُرُونَ
සූර් (නම් හොරණෑවෙ)හි පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි ඇති අය හා මහපොළොවෙහි ඇති අය මරණයට පත් වෙති. පසු ව එහි තවත් වාරයක් පිඹිනු ලැබේ. එවිට ඔවුහු නැගිට සිටිමින් අවධානයෙන් බලා සිටිති.
وَأَشْرَقَتِ الْأَرْضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ الْكِتَابُ وَجِيءَ بِالنَّبِيِّينَ وَالشُّهَدَاءِ وَقُضِيَ بَيْنَهُمْ بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ
තවද මහපොළොව, එහි පරමාධිපතිගේ ආලෝකයෙන් උදා වෙයි. තවද ප්‍රගති ලේඛන තබනු ලැබේ. නබිවරුන් හා සාක්ෂිකරුවන් ගෙන එනු ලැබේ. ඔවුන් අතර සත්යයෙන් යුතු ව තීන්දු දෙනු ලැබේ. ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලැබේ.
وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ وَهُوَ أَعْلَمُ بِمَا يَفْعَلُونَ
තවද සෑම ආත්මයක්ම ඒවා සිදු කළ දෑට පූර්ණ ව (ප්‍රතිඵල) දෙනු ලබයි. තවද ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය.
وَسِيقَ الَّذِينَ كَفَرُوا إِلَىٰ جَهَنَّمَ زُمَرًا ۖ حَتَّىٰ إِذَا جَاءُوهَا فُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِنْكُمْ يَتْلُونَ عَلَيْكُمْ آيَاتِ رَبِّكُمْ وَيُنْذِرُونَكُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا ۚ قَالُوا بَلَىٰ وَلَٰكِنْ حَقَّتْ كَلِمَةُ الْعَذَابِ عَلَى الْكَافِرِينَ
තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නිරය වෙත කණ්ඩායම් වශයෙන් මෙහෙයවා ගෙන යනු ලැබේ. ඔවුහු ඒ දක්වා පැමිණි විට එහි දොරටු විවෘත කරනු ලැබේ. නුඹලාගේ පරමාධිපතිගේ වදන් පාරායනය කරන ධර්ම දූතවරුන් නුඹලා අතරින් නුඹලා වෙත නොපැමිණියේ ද? තවද නුඹලාගේ මෙම දිනයේ හමුව පිළිබඳ නුඹලාට අවවාද නොකළේ දැ?යි එහි භාරකරුවන් ඔවුන්ගෙන් විමසනු ඇත. එසේය, යැයි ඔවුහු පවසති. එනමුත් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට දඬුවමේ ප්‍රකාශය නියම විය.
قِيلَ ادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ
නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටු වලින් ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය යැයි කියනු ලැබේ.

Choose other languages: