Quran Apps in many lanuages:

Surah Az-Zamar Ayahs #63 Translated in Sinhalese

بَلَىٰ قَدْ جَاءَتْكَ آيَاتِي فَكَذَّبْتَ بِهَا وَاسْتَكْبَرْتَ وَكُنْتَ مِنَ الْكَافِرِينَ
“එසේ නොව, සැබැවින්ම මාගේ වදන් නුඹ වෙත පැමිණියේය. එවිට නුඹ ඒවා බොරු කළෙහිය. තවද නුඹ උඩඟු වූයෙහිය. තවද නුඹ ප්‍රතික්ෂේප කරන්නන් අතරින් වූයෙහිය.”
وَيَوْمَ الْقِيَامَةِ تَرَى الَّذِينَ كَذَبُوا عَلَى اللَّهِ وُجُوهُهُمْ مُسْوَدَّةٌ ۚ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِلْمُتَكَبِّرِينَ
තවද අල්ලාහ් කෙරෙහි බොරු පැවසූවන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු කළු පැහැ ගැන්වී තිබීම ඔබ දකිනු ඇත. උඩඟු වූවන්ට නිරයේ නවාතැනක් නොවේද?
وَيُنَجِّي اللَّهُ الَّذِينَ اتَّقَوْا بِمَفَازَتِهِمْ لَا يَمَسُّهُمُ السُّوءُ وَلَا هُمْ يَحْزَنُونَ
තවද බිය බැතිමත් වූවන් ඔවුන්ගේ ජයග්‍රහණයන් හේතුවෙන් අල්ලාහ් ඔවුන් මුදවා ගනු ඇත. නපුර ඔවුන් ස්පර්ෂ නොකරනු ඇත. එමෙන්ම ඔවුහු දුකට පත් නොවෙති.
اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ
අල්ලාහ් සියලු දෑහි මැවුම්කරුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුය.
لَهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
අහස් හා මහපොළොවේ යතුරු ඔහු සතුය. අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළ ඔවුහුමය පරාජිතයෝ.

Choose other languages: