Quran Apps in many lanuages:

Surah Az-Zamar Ayahs #66 Translated in Sinhalese

اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ
අල්ලාහ් සියලු දෑහි මැවුම්කරුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුය.
لَهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
අහස් හා මහපොළොවේ යතුරු ඔහු සතුය. අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළ ඔවුහුමය පරාජිතයෝ.
قُلْ أَفَغَيْرَ اللَّهِ تَأْمُرُونِّي أَعْبُدُ أَيُّهَا الْجَاهِلُونَ
“අහෝ අඥාන ජනයිනි! අල්ලාහ් නොවන දෑට මා ගැතිකම් කළ යුතු යැයි නුඹලා මට අණ කරන්නෙහු දැ” යි (නබිවරය!) නුඹ විමසනු.
وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
“නුඹ ආදේශ කළෙහි නම් නුඹගේ ක්‍රියා සැබැවින්ම නිෂ්ඵල වී යනු ඇත. තවද නුඹ පරාජිතයින් අතරින් වනු ඇතැ”යි නුඹ වෙත හා නුඹට පෙර විසූවන් වෙත දේව පණිවිඩ එවනු ලැබීය.
بَلِ اللَّهَ فَاعْبُدْ وَكُنْ مِنَ الشَّاكِرِينَ
එසේය. නුඹ අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද නුඹ ගුණගරුක අය අතරින් වනු.

Choose other languages: