Quran Apps in many lanuages:

Surah Az-Zamar Ayahs #52 Translated in Sinhalese

وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
තවද ඔවුන් උපයා ගත් දෑහි නපුරුකම් ඔවුනට හෙළිවනු ඇත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සරදම් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගනු ඇත.
فَإِذَا مَسَّ الْإِنْسَانَ ضُرٌّ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَاهُ نِعْمَةً مِنَّا قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَىٰ عِلْمٍ ۚ بَلْ هِيَ فِتْنَةٌ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
මිනිසාට යම් හානියක් ස්පර්ශ වූ විට ඔහු අපට කන්නලව් කරයි. පසු ව අපගෙන් වූ දයාවක් අපි ඔහුට පිරිනැමූ විට, “නියත වශයෙන්ම එය මට දෙනු ලැබුවේ (මාගේ) දැනුම අනුවය” යැයි පවසයි. නැත, එය පරීක්ෂණයකි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
قَدْ قَالَهَا الَّذِينَ مِنْ قَبْلِهِمْ فَمَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ
සැබැවින්ම ඔවුනට පෙර සිටි අය ද එය පැවසුවෝය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.
فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا ۚ وَالَّذِينَ ظَلَمُوا مِنْ هَٰؤُلَاءِ سَيُصِيبُهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَمَا هُمْ بِمُعْجِزِينَ
එහෙයින් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාකය ඔවුන්ව හසුකර ගත්තේය. ඔවුන් අතරින් අපරාධ කළවුන් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාක ඔවුන්ව මතු හසුකරනු ඇත. තවද ඔවුහු (සත්යය) පරාජයට පත් කරන්නන් නොවෙති.
أَوَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
නියත වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්යාප්ත කර දෙන බවත් එමෙන්ම ඔහු එය සීමා කර දෙන බවත් ඔවුහු නොදන්නෝ ද? නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සාධක ඇත.

Choose other languages: