Quran Apps in many lanuages:

Surah Az-Zamar Ayahs #54 Translated in Sinhalese

قَدْ قَالَهَا الَّذِينَ مِنْ قَبْلِهِمْ فَمَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ
සැබැවින්ම ඔවුනට පෙර සිටි අය ද එය පැවසුවෝය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.
فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا ۚ وَالَّذِينَ ظَلَمُوا مِنْ هَٰؤُلَاءِ سَيُصِيبُهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَمَا هُمْ بِمُعْجِزِينَ
එහෙයින් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාකය ඔවුන්ව හසුකර ගත්තේය. ඔවුන් අතරින් අපරාධ කළවුන් ඔවුන් ඉපැයූ දෑහි නපුරු විපාක ඔවුන්ව මතු හසුකරනු ඇත. තවද ඔවුහු (සත්යය) පරාජයට පත් කරන්නන් නොවෙති.
أَوَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ
නියත වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්යාප්ත කර දෙන බවත් එමෙන්ම ඔහු එය සීමා කර දෙන බවත් ඔවුහු නොදන්නෝ ද? නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සාධක ඇත.
قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَىٰ أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ ۚ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
අහෝ තමන් විසින් තමන්ව නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු පාපයන්ට සමාව දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
وَأَنِيبُوا إِلَىٰ رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنْصَرُونَ
තවද දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත නැඹුරු වනු. තවද ඔහුට යටහත් වනු. පසු ව නුඹලා උදව් කරනු නොලබන්නෙහුය.

Choose other languages: