Quran Apps in many lanuages:

Surah Az-Zamar Ayahs #48 Translated in Sinhalese

قُلْ لِلَّهِ الشَّفَاعَةُ جَمِيعًا ۖ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ
“සියලු මැදිහත්වීම් අල්ලාහ් සතුය. අහස් හා මහපොළොවේ ආධිපත්යය ඔහු සතුය. පසු ව නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතය”. යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَإِذَا ذُكِرَ اللَّهُ وَحْدَهُ اشْمَأَزَّتْ قُلُوبُ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ ۖ وَإِذَا ذُكِرَ الَّذِينَ مِنْ دُونِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ
තවද අල්ලාහ් පමණක් මෙනෙහි කරනු ලැබූ විට මතු ලොව විශ්වාස නොකරන්නන්ගේ හදවත් හැකිලී යයි. ඔහුගෙන් තොරවූවන් මෙනෙහි කරනු ලබන විට, එවිට ඔවුහු සතුටු වෙති.
قُلِ اللَّهُمَّ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنْتَ تَحْكُمُ بَيْنَ عِبَادِكَ فِي مَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
අදෘශ්යමාන දෑ හා පිටතට පෙනෙන දෑ ගැන දන්නා වූ අහස් හා මහපොළොවේ මැවුම්කරුවාණනි! ඔබේ ගැත්තන් කවර විෂයක් තුළ මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ ගැන ඔවුන් අතර තීන්දු දෙනුයේ ඔබ යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَلَوْ أَنَّ لِلَّذِينَ ظَلَمُوا مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ مِنْ سُوءِ الْعَذَابِ يَوْمَ الْقِيَامَةِ ۚ وَبَدَا لَهُمْ مِنَ اللَّهِ مَا لَمْ يَكُونُوا يَحْتَسِبُونَ
තවද අපරාධ කළවුනට මහපොළොවේ ඇති සියල්ල ද ඒ සමගම ඒ හා සමාන ව තවත් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමේ බිහිසුණුභාවයෙන් මිදීම සඳහා වන්දි වශයෙන් එය දෙනු ඇත. ඔවුන් අපේක්ෂා නොකරමින් සිටි දෑ අල්ලාහ්ගෙන් ඔවුනට හෙළිවනු ඇත.
وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
තවද ඔවුන් උපයා ගත් දෑහි නපුරුකම් ඔවුනට හෙළිවනු ඇත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සරදම් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගනු ඇත.

Choose other languages: