Quran Apps in many lanuages:

Surah Az-Zamar Ayahs #14 Translated in Sinhalese

قُلْ يَا عِبَادِ الَّذِينَ آمَنُوا اتَّقُوا رَبَّكُمْ ۚ لِلَّذِينَ أَحْسَنُوا فِي هَٰذِهِ الدُّنْيَا حَسَنَةٌ ۗ وَأَرْضُ اللَّهِ وَاسِعَةٌ ۗ إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُمْ بِغَيْرِ حِسَابٍ
අහෝ විශ්වාස කළාවූ මාගේ යහපත් ගැත්තනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. මෙලොව යහකම් කළවුනට යහපතය. අල්ලාහ්ගේ භූමිය විශාලය. ඉවසිලිවන්තයින් ඔවුන්ගේ ප්‍රතිඵල අප්‍රමාණ ලෙස ලබා ගනිති.
قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ مُخْلِصًا لَهُ الدِّينَ
“නියත වශයෙන්ම මා අල්ලාහ්ට අවංක ලෙසින් ඔහුට පමණක් දහම පුද කර නැමදීමට මා අණ කරනු ලැබුවෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَأُمِرْتُ لِأَنْ أَكُونَ أَوَّلَ الْمُسْلِمِينَ
තවද මුස්ලිම්වරුන්ගෙන් පළමුවැන්නා වීමට ද මම අණ කරනු ලැබුවෙමි.
قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ
“මාගේ පරමාධිපතිට මම පිටුපෑවේ නම් මහත් වූ දිනයක දඬුවම ගැන මම බිය වෙමි” යැයි නුඹ පවසනු.
قُلِ اللَّهَ أَعْبُدُ مُخْلِصًا لَهُ دِينِي
“මාගේ යටහත්භාවය අල්ලාහ්ට අවංක ලෙසින් පුද කරමින් මම ඔහු නමදිමි” යැයි නුඹ පවසනු.

Choose other languages: