Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #47 Translated in Sinhalese

عَفَا اللَّهُ عَنْكَ لِمَ أَذِنْتَ لَهُمْ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُوا وَتَعْلَمَ الْكَاذِبِينَ
(නබිවරය!) අල්ලාහ් නුඹට සමාව දෙත්වා! සත්‍යය පැවසූවන් ගැන නුඹට පැහැදිලි වී, මුසාවාදීන් පිළිබඳ නුඹ දැන ගන්නා තෙක්, නුඹ ඔවුනට අවසර දුන්නේ කුමකටද?
لَا يَسْتَأْذِنُكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ أَنْ يُجَاهِدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් තම වස්තුව හා තම ජීවිතය කැප කිරීමට ඔවුහු නුඹෙන් අවසර පතන්නේ නැත. තවද අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් පිළිබඳ සර්ව ඥානීය.
إِنَّمَا يَسْتَأْذِنُكَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَارْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِي رَيْبِهِمْ يَتَرَدَّدُونَ
නුඹෙන් අවසර පතනුයේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන්නන්ය. ඔවුන්ගේ හදවත් සැක කළේය. එබැවින් ඔවුහු ඔවුන්ගේ සැකයෙහි පැකිළෙති.
وَلَوْ أَرَادُوا الْخُرُوجَ لَأَعَدُّوا لَهُ عُدَّةً وَلَٰكِنْ كَرِهَ اللَّهُ انْبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ اقْعُدُوا مَعَ الْقَاعِدِينَ
තවද ඔවුන් පිටත් වීමට සිතුවේ නම් ඒ සඳහා සූදානමකින් සූදානම් වන්නට තිබුණි. එනමුත් ඔවුන් පිටත් ව යෑම අල්ලාහ් පිළිකුල් කළේය. එබැවින් ඔවුනට ඔහු මැළිකම ඇති කළේය. තවද වාඩි වී සිටින්නන් සමඟ නුඹලා ද වාඩි වී සිටිනු යැයි පවසනු ලැබීය.
لَوْ خَرَجُوا فِيكُمْ مَا زَادُوكُمْ إِلَّا خَبَالًا وَلَأَوْضَعُوا خِلَالَكُمْ يَبْغُونَكُمُ الْفِتْنَةَ وَفِيكُمْ سَمَّاعُونَ لَهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ
ඔවුන් නුඹලා සමඟ පිටත් ව ගිය ද නුඹලාට වියවුල මිස වෙන කිසිවක් වර්ධනය නොවන්නට තිබුණි. තවද නුඹලා අතර අර්බුද ඇති කිරීමට මාන බලමින් නුඹලා අතර (කේලාම්) කියන්නට තිබුණි. තවද ඔවුන් වෙනුවෙන් සවන් දෙන්නන් ද නුඹලා අතර වෙති. තවද අපරාධකරුවන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය.

Choose other languages: