Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #45 Translated in Sinhalese

انْفِرُوا خِفَافًا وَثِقَالًا وَجَاهِدُوا بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ فِي سَبِيلِ اللَّهِ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
(සේනා බලය) ස්වල්ප වශයෙන් වුව ද, අධික වශයෙන් වුව ද නුඹලා පිටත් ව යනු. තවද නුඹලාගේ වස්තුව හා නුඹලාගේ ජීවිත (පුද කරමින්) අල්ලාහ්ගේ මාර්ගයේ කැප කරනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨය.
لَوْ كَانَ عَرَضًا قَرِيبًا وَسَفَرًا قَاصِدًا لَاتَّبَعُوكَ وَلَٰكِنْ بَعُدَتْ عَلَيْهِمُ الشُّقَّةُ ۚ وَسَيَحْلِفُونَ بِاللَّهِ لَوِ اسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ يُهْلِكُونَ أَنْفُسَهُمْ وَاللَّهُ يَعْلَمُ إِنَّهُمْ لَكَاذِبُونَ
(නබිවරය! නුඹ කවර කරුණක් වෙත ඇරයුම් කළේ ද) එය සමීපයෙන් ගත හැකි භාණ්ඩයක් හා මධ්‍යස්ථ (සාමාන්‍ය) ගමනක් වී නම් සැබැවින්ම ඔවුහු නුඹ ව අනුගමනය කරන්නට තිබුණි. එනමුත් යා යුතු සීමාව ඔවුනට දුරස් විය. තවද අපට හැකි නම් අප ද නුඹලා සමඟ පිටත් වී එන්නට තිබුණි යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. ඔවුහු ඔවුන්වම විනාශ කර ගනිති. තවද සැබැවින්ම ඔවුහු මුසාවාදීහු බව අල්ලාහ් දනී.
عَفَا اللَّهُ عَنْكَ لِمَ أَذِنْتَ لَهُمْ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُوا وَتَعْلَمَ الْكَاذِبِينَ
(නබිවරය!) අල්ලාහ් නුඹට සමාව දෙත්වා! සත්‍යය පැවසූවන් ගැන නුඹට පැහැදිලි වී, මුසාවාදීන් පිළිබඳ නුඹ දැන ගන්නා තෙක්, නුඹ ඔවුනට අවසර දුන්නේ කුමකටද?
لَا يَسْتَأْذِنُكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ أَنْ يُجَاهِدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් තම වස්තුව හා තම ජීවිතය කැප කිරීමට ඔවුහු නුඹෙන් අවසර පතන්නේ නැත. තවද අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතුව කටයුතු කරන්නන් පිළිබඳ සර්ව ඥානීය.
إِنَّمَا يَسْتَأْذِنُكَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَارْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِي رَيْبِهِمْ يَتَرَدَّدُونَ
නුඹෙන් අවසර පතනුයේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන්නන්ය. ඔවුන්ගේ හදවත් සැක කළේය. එබැවින් ඔවුහු ඔවුන්ගේ සැකයෙහි පැකිළෙති.

Choose other languages: