Quran Apps in many lanuages:

Surah At-Taghabun Ayahs #6 Translated in Sinhalese

هُوَ الَّذِي خَلَقَكُمْ فَمِنْكُمْ كَافِرٌ وَمِنْكُمْ مُؤْمِنٌ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
ඔහු වනාහි නුඹලා මැව්වේය. තවද නුඹලා අතරින් දේවත්වය ප්‍රතික්ෂේප කරන අය ද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කරන අය ද සිටිති. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්ව නිරීක්ෂකය.
خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ ۖ وَإِلَيْهِ الْمَصِيرُ
ඔහු අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතු ව මැව්වේය. තවද ඔහු නුඹලා හැඩගන්වා නුඹලාගේ හැඩරුව ඔහු අලංකාර කළේය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඔහු වෙතය.
يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ ۚ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
අහස් හි හා මහපොළොවෙහි ඇති දෑ ඔහු දනී. තවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද ඔහු දනී. තවද අල්ලාහ් හදවත් සතු දෑ පිළිබඳ ව සර්වඥානීය.
أَلَمْ يَأْتِكُمْ نَبَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَبْلُ فَذَاقُوا وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ පුවත නුඹලා වෙත නොපැමිණියේ ද? එවිට ඔවුන්ගේ විෂයයෙහි විපාකය ඔවුහු භුක්ති වින්දෝය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
ذَٰلِكَ بِأَنَّهُ كَانَتْ تَأْتِيهِمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَقَالُوا أَبَشَرٌ يَهْدُونَنَا فَكَفَرُوا وَتَوَلَّوْا ۚ وَاسْتَغْنَى اللَّهُ ۚ وَاللَّهُ غَنِيٌّ حَمِيدٌ
එය ඔවුන්ගේ දූතවරුන් පැහැදිලි සාධක සමග ඔවුන් වෙත පැමිණි විට “අපට මග පෙන්වනුයේ මිනිසෙකු දැ”යි පවසා ප්‍රතික්ෂේප කොට පිටුපා ගිය බැවිණි. තවද අල්ලාහ් නොසලකා හැරියේය. තවද අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය; ප්‍රසංශාලාභීය.

Choose other languages: