Quran Apps in many lanuages:

Surah As-Sajda Ayahs #10 Translated in Sinhalese

ذَٰلِكَ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الرَّحِيمُ
ඔහු අදෘශ්යමාන දෑ හා දෘශ්යමාන දෑ පිළිබඳ දැනුමැති සර්ව බලධාරී මහා කරුණාන්විතය.
الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ ۖ وَبَدَأَ خَلْقَ الْإِنْسَانِ مِنْ طِينٍ
ඔහු මැවූ සියලු දෑ අලංකාරවත් කළේය. තවද මිනිසාගේ මැවීම මැටියෙන් ආරම්භ කළේය.
ثُمَّ جَعَلَ نَسْلَهُ مِنْ سُلَالَةٍ مِنْ مَاءٍ مَهِينٍ
පසුව ඔහුගේ පරපුර අල්පේච්චිත ජල ධාතුවෙන් ඇති කළේය.
ثُمَّ سَوَّاهُ وَنَفَخَ فِيهِ مِنْ رُوحِهِ ۖ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَا تَشْكُرُونَ
පසු ව ඔහු ඔහුව හැඩ ගන්වා ඔහුගේ ප්රාණයෙන් ඔහු තුළ පිඹ ප්‍රාණවත් කළේය. තවද නුඹලාට ශ්රවණය, දෘෂ්ටීන් හා හදවත් ඇති කළේය. නමුත් නුඹලා කෘතවේදී වනුයේ ස්වල්පයකි.
وَقَالُوا أَإِذَا ضَلَلْنَا فِي الْأَرْضِ أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۚ بَلْ هُمْ بِلِقَاءِ رَبِّهِمْ كَافِرُونَ
තවද අපි මහපොළොවෙන් තුරන් ව ගිය විට නියත වශයෙන්ම අපි අලුත් මැවීමක් වන්නෙමු ද? යැයි ඔවුහු ප්‍රශ්න කළෝය. එසේ නොව, ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.

Choose other languages: