Quran Apps in many lanuages:

Surah As-Sajda Ayahs #25 Translated in Sinhalese

وَلَنُذِيقَنَّهُمْ مِنَ الْعَذَابِ الْأَدْنَىٰ دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ
තවද (පාපකම් වලින්) ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස මෙම මහත් දඬුවමට පෙර සුළු දඬුවමකින් ඔවුනට විඳවන්නට සලස්වමු.
وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا ۚ إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنْتَقِمُونَ
තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ පසු ව ඒවා පිටුපාන්නාට වඩා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන්ම අපි වැරදි කරන්නන්ට ප්‍රතිවිපාක දෙන්නෝ වෙමු.
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَلَا تَكُنْ فِي مِرْيَةٍ مِنْ لِقَائِهِ ۖ وَجَعَلْنَاهُ هُدًى لِبَنِي إِسْرَائِيلَ
තවද සැබැවින්ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙයින් ඔහුගේ හමුව පිළිබඳ ව සැකයෙහි නොවනු. තවද අපි එය ඉස්රාඊල් දරුවන්ට මග පෙන්වීමක් බවට පත් කළෙමු.
وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا ۖ وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ
තවද ඔවුන් ඉවසා අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටි හෙයින් අපගේ නියෝගය පරිදි මග පෙන්වන නායකයින් ඔවුන් අතරින් අපි පත් කළෙමු.
إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
ඔවුන් කවර දෙයක් ගැන මතභේද ඇති කරගෙන සිටියේ ද නියත වශයෙන්ම ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔබේ පරමාධිපති වන ඔහු ඔවුන් අතර තීන්දු කරයි.

Choose other languages: