Quran Apps in many lanuages:

Surah Ar-Rum Ayahs #32 Translated in Sinhalese

ضَرَبَ لَكُمْ مَثَلًا مِنْ أَنْفُسِكُمْ ۖ هَلْ لَكُمْ مِنْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ مِنْ شُرَكَاءَ فِي مَا رَزَقْنَاكُمْ فَأَنْتُمْ فِيهِ سَوَاءٌ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنْفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَ
නුඹලා අතරින්ම නුඹලාට උපමාවක් ඔහු ගෙන හැර පෙන්වීය. අපි නුඹලාට පෝෂණය කළ දෑහි හවුල්කරුවන් කිසිවෙකු හෝ නුඹලාගේ දකුණත් හිමිකරගත් අය අතරින් නුඹලාට වෙත් ද? නුඹලා එහි සමානද? නුඹලා අතර නුඹලා බියවන්නාක් මෙන් නුඹලා ඔවුනට ද බියවන්නෙහු ද? වටහා ගන්නා ජනයාට එම වදන් අපි පැහැදිලි කරනුයේ එලෙසය.
بَلِ اتَّبَعَ الَّذِينَ ظَلَمُوا أَهْوَاءَهُمْ بِغَيْرِ عِلْمٍ ۖ فَمَنْ يَهْدِي مَنْ أَضَلَّ اللَّهُ ۖ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ
නමුත් අපරාධ කළවුන් කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ ආශාවන් පිළිපැද්දෝය. එහෙයින් කවරෙකු අල්ලාහ් නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වනුයේ කවුද? තවද ඔවුනට උදව්කරුවන් කිසිවෙකු හෝ නොමැත.
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
එහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංක ව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ නිර්මාණයේ කිසිදු වෙනස්කිරීමක් නොමැත. එය ඍජු ධර්මයයි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නොදනිති.
مُنِيبِينَ إِلَيْهِ وَاتَّقُوهُ وَأَقِيمُوا الصَّلَاةَ وَلَا تَكُونُوا مِنَ الْمُشْرِكِينَ
ඔහු වෙත නැඹුරුවන්නන් ලෙසින් (ස්ථාපිත කරනු.) තවද නුඹලා ඔහුට බැතිමත් වනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. තවද නුඹලා ආදේශ කරන්නන් අතරින් නොවනු.
مِنَ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا ۖ كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ
(එම ආදේශ කරන්නන් වන) ඔවුහු තම දහම වෙන්කර ගත් අය අතරිනි. තවද ඔවුහු කණ්ඩායම් බවට පත් වූහ. සෑම කණ්ඩායමක්ම ඔවුන් සතුව ඇති දැයින් සතුටුවන්නෝය.

Choose other languages: