Quran Apps in many lanuages:

Surah Ar-Rad Ayahs #32 Translated in Sinhalese

الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُمْ بِذِكْرِ اللَّهِ ۗ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ
ඔවුන් වනාහි දේවත්වය විශ්වාස කළෝය. තවද ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වනු ඇත. දැන ගනු! අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හදවත් සැනසුමට පත් වනු ඇත.
الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ طُوبَىٰ لَهُمْ وَحُسْنُ مَآبٍ
විශ්වාස කොට දැහැමි කටයුතු කළවුන් වනාහි ඔවුනට සුබාසිරි හා යහපත් යොමුවක් ඇත.
كَذَٰلِكَ أَرْسَلْنَاكَ فِي أُمَّةٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهَا أُمَمٌ لِتَتْلُوَ عَلَيْهِمُ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَهُمْ يَكْفُرُونَ بِالرَّحْمَٰنِ ۚ قُلْ هُوَ رَبِّي لَا إِلَٰهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ مَتَابِ
(නබිවරය!) එලෙස අපි සමූහයක් වෙත ඔබ ව දූතයෙකු ලෙස එව්වෙමු. ඔවුනට පෙර (බොහෝ) සමූහයන් ඉකුත් ව ගියෝය. (එය) ඔවුන් මහා කාරුණිකයාණන් ව ප්‍රතික්ෂේප කරමින් සිටිය දී ඔබ වෙත අපි දන්වා සිටි දෑ ඔවුන් වෙත නුඹ පාරායනය කර පෙන්වීම සඳහාය. ඔහුය, මාගේ පරමාධිපති. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙතය පශ්චාත්තාප වී යොමු වන ස්ථානය ඇත්තේ යැයි (නබිවරය,) නුඹ පවසනු.
وَلَوْ أَنَّ قُرْآنًا سُيِّرَتْ بِهِ الْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ الْأَرْضُ أَوْ كُلِّمَ بِهِ الْمَوْتَىٰ ۗ بَلْ لِلَّهِ الْأَمْرُ جَمِيعًا ۗ أَفَلَمْ يَيْأَسِ الَّذِينَ آمَنُوا أَنْ لَوْ يَشَاءُ اللَّهُ لَهَدَى النَّاسَ جَمِيعًا ۗ وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا تُصِيبُهُمْ بِمَا صَنَعُوا قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًا مِنْ دَارِهِمْ حَتَّىٰ يَأْتِيَ وَعْدُ اللَّهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ
තවද (ඔවුන් පවසන අයුරින්) නියත වශයෙන්ම (වෙනත්) කුර්ආනයක් තිබී එමගින් කඳු ගමන් කරවනු ලැබුවේ නම් හෝ එමගින් මහපොළොව වෙන් කරනු ලැබුවේ නම් හෝ එමගින් මළවුන් කතා කරවනු ලැබුවේ නම් හෝ (ඔවුහු විශ්වාස නොකරති.) නමුත් සියලු කරුණු අල්ලාහ් සතුය. අල්ලාහ් අභිමත කරන්නේ නම් සියලු ජනයා හට ඔහු මග පෙන්වන්නට තිබුණු බව විශ්වාස කළවුන් නොදැන සිටියෝ ද? අල්ලාහ්ගේ ප්‍රතිඥාව පැමිණෙන තෙක් ප්‍රතික්ෂේප කළවුන් ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට අර්බුදයක් ඇති වීම හෝ ඔවුන්ගේ වාසස්ථානවලට සමීපයෙන් එය (අර්බුද ය) සිදු වීම අඛණ්ඩ ව පවතිනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතිඥා ව කඩ නොකරයි.
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ
තවද සැබැවින්ම (නබිවරය) නුඹට පෙර සිටම දූතවරුන් සමච්චලයට ලක් කරනු ලැබූහ. එහෙත් මම ප්‍රතික්ෂේප කළවුනට කල් දුනිමි. පසුව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එහෙයින් මාගේ දඬුවම කෙසේ වීද?

Choose other languages: