Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #89 Translated in Sinhalese

مَنْ يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُنْ لَهُ نَصِيبٌ مِنْهَا ۖ وَمَنْ يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُنْ لَهُ كِفْلٌ مِنْهَا ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ مُقِيتًا
කවරෙකු යහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට ඉන් කොටසක් හිමිය. එමෙන්ම කවරෙක් අයහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට ඉන් කොටසක් හිමිය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂක ය.
وَإِذَا حُيِّيتُمْ بِتَحِيَّةٍ فَحَيُّوا بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا ۗ إِنَّ اللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيْءٍ حَسِيبًا
සුබ පැතුමකින් නුඹලා සුබ පතනු ලැබූ විට නුඹලා ද ඊට වඩා අලංකාර ලෙසින් සුබ පතනු. එසේ නැතහොත් එයම ආපසු ප්‍රතිචාර ලෙස දක්වනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ ගණනය කරන්නා ය.
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ ۗ وَمَنْ أَصْدَقُ مِنَ اللَّهِ حَدِيثًا
අල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහි කිසිදු සැකයක් නොමැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු නුඹලා ව රැස් කරනු ඇත. අල්ලාහ්ට වඩා කතාවෙන් සත්‍යවාදී කවුද?
فَمَا لَكُمْ فِي الْمُنَافِقِينَ فِئَتَيْنِ وَاللَّهُ أَرْكَسَهُمْ بِمَا كَسَبُوا ۚ أَتُرِيدُونَ أَنْ تَهْدُوا مَنْ أَضَلَّ اللَّهُ ۖ وَمَنْ يُضْلِلِ اللَّهُ فَلَنْ تَجِدَ لَهُ سَبِيلًا
කුහකයින් විෂයයෙහි නුඹලා දෙපිරිසක් වන්නේ ඇයි? ඔවුන් ඉපැයූ දෑ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ව අවමානයට පත් කළේය. අල්ලාහ් නොමඟ යන්නට ඉඩ හැරී අය හට මඟපෙන්වීමට නුඹලා අපේක්ෂා කරන්නෙහු ද? අල්ලාහ් කවරෙකු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට නුඹ ඔහු වෙනුවෙන් කිසිදු මඟක් නොදකින්නෙහිමය.
وَدُّوا لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا فَتَكُونُونَ سَوَاءً ۖ فَلَا تَتَّخِذُوا مِنْهُمْ أَوْلِيَاءَ حَتَّىٰ يُهَاجِرُوا فِي سَبِيلِ اللَّهِ ۚ فَإِنْ تَوَلَّوْا فَخُذُوهُمْ وَاقْتُلُوهُمْ حَيْثُ وَجَدْتُمُوهُمْ ۖ وَلَا تَتَّخِذُوا مِنْهُمْ وَلِيًّا وَلَا نَصِيرًا
ඔවුහු ප්‍රතික්ෂේප කළාක් මෙන් නුඹලා ද ප්‍රතික්ෂේප කර නුඹලා (ඔවුන් හා) සමාන වීම ගැන ඔවුහු ප්‍රිය කරති. එබැවින් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ දේශ තරණය කරන තෙක් ඔවුන් අතරින් කිසිවකු නුඹලා මිතුරන් ලෙස නොගනු. ඔවුන් පිටුපෑවේ නම් ඔවුන් ව (සිරකරුවන් ලෙස) නුඹලා හසු කර ගනු. (ද්‍රෝහි වී ඉන් මිදීමට තැත් කළ විට) නුඹලා ඔවුන් ව දුටු තැන මරා දමනු. ඔවුන්ගෙන් කිසිවකු භාරකරුවකු වශයෙන් හෝ උදව් කරුවකු වශයෙන් හෝ නොගනු.

Choose other languages: