Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #110 Translated in Sinhalese

وَاسْتَغْفِرِ اللَّهَ ۖ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا
තවද නුඹ අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලී හා අසමසම කරුණාවන්තය.
وَلَا تُجَادِلْ عَنِ الَّذِينَ يَخْتَانُونَ أَنْفُسَهُمْ ۚ إِنَّ اللَّهَ لَا يُحِبُّ مَنْ كَانَ خَوَّانًا أَثِيمًا
තමන්ටම වංචා කරන්නන් ගැන නුඹ වාද නොකරනු. සැබැවින්ම අල්ලාහ් ද්‍රෝහීන් හා පාපතරයින් ව ප්‍රිය නොකරයි.
يَسْتَخْفُونَ مِنَ النَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ اللَّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لَا يَرْضَىٰ مِنَ الْقَوْلِ ۚ وَكَانَ اللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا
ඔවුන් ජනතාවගෙන් සැඟවිය හැක. නමුත් අල්ලාහ්ගෙන් සැඟවිය නොහැක. දෙවියන් ප්‍රිය නොකරන කථා රාත්‍රියේදී කතා කරමින් කුමන්ත්‍රණ කළ විට ඔහු ඔවුන් සමඟ සිටියේ ය. අල්ලාහ් ඔවුන් කරන දේ ගැන සහමුලින් ම දැන සිටියේය.
هَا أَنْتُمْ هَٰؤُلَاءِ جَادَلْتُمْ عَنْهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا فَمَنْ يُجَادِلُ اللَّهَ عَنْهُمْ يَوْمَ الْقِيَامَةِ أَمْ مَنْ يَكُونُ عَلَيْهِمْ وَكِيلًا
මෙන්න, නුඹලා මෙලොව ජීවිතයෙහි ඔවුන් ගැන වාද කරන්නෙහුය. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගැන අල්ලාහ් සමඟ වාද කරනුයේ කවුරුද? එසේ නොමැති නම් ඔවුන් කෙරෙහි භාරකරු‍වෙකු වනුයේ කවුරුද?
وَمَنْ يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللَّهَ يَجِدِ اللَّهَ غَفُورًا رَحِيمًا
කවරෙකු (අනුන්ට) යම් නපුරක් සිදු කර හෝ නැතිනම් තමන්ටම අපරාධයක් සිදු කර පසුව අල්ලාහ්ගෙන් සමාව අයැදින්නේ ද, ඔහු අල්ලාහ් ව අති ක්ෂමාශීලී අසමසම කරුණාන්විතයකු ලෙස දකිනු ඇත.

Choose other languages: