Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #102 Translated in Sinhalese

فَإِذَا قَرَأْتَ الْقُرْآنَ فَاسْتَعِذْ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
එහෙයින් නුඹ අල් කුර්ආනය පාරායනා කළ විට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු.
إِنَّهُ لَيْسَ لَهُ سُلْطَانٌ عَلَى الَّذِينَ آمَنُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කොට තම පරමාධිපති කෙරෙහි (සියල්ල) භාර කරන්නන්හට බලපෑමක් කිරීමට ඔහුට හැකියාවක් නොමැත.
إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُمْ بِهِ مُشْرِكُونَ
ඔහුගේ බලය බල පවත්වනුයේ ඔහු ව භාරකරු බවට පත් කර ගත් අය කෙරෙහි හා ඔවුහු ඔහු (අල්ලාහ්) ට සමානයන් තබන්නන් කෙරෙහිය.
وَإِذَا بَدَّلْنَا آيَةً مَكَانَ آيَةٍ ۙ وَاللَّهُ أَعْلَمُ بِمَا يُنَزِّلُ قَالُوا إِنَّمَا أَنْتَ مُفْتَرٍ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
තවද එක් වදනක් වෙනුවට තවත් වදනක් අපි වෙනස් කළ විට - පහළ කළ යුත්තේ කුමක්ද පිළිබඳ ව ඔහු මැනවින් දන්නාය. - නියත වශයෙන්ම නුඹ ගොතා පවසන්නෙක් යැයි ඔවුහු පැවසූහ. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (සත්‍යය) නොදනිති.
قُلْ نَزَّلَهُ رُوحُ الْقُدُسِ مِنْ رَبِّكَ بِالْحَقِّ لِيُثَبِّتَ الَّذِينَ آمَنُوا وَهُدًى وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ
දේවත්වය විශ්වාස කළවුන් ස්ථාවර කරනු වස් ද මුස්ලිම්වරුන්ට මග පෙන්වීමක් හා ශුභාරංචියක් වශයෙන් ද නුඹගේ පරමාධිපති වෙතින් පාරිශුද්ධ ආත්මය එය සත්‍යයෙන් යුතු ව පහළ කළේ යැයි නුඹ පවසනු.

Choose other languages: