Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #9 Translated in Sinhalese

وَالْأَنْعَامَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَافِعُ وَمِنْهَا تَأْكُلُونَ
තවද ගොවිපළ සතුන් ද ඔහු නුඹලා වෙනුවෙන් ඒවා මැව්වේය. එහි නුඹලාට ආරක්ෂිත ඇඟලුම් හා ප්‍රයෝජන ඇත. තවද නුඹලා ඒවායින් අනුභව කරන්නෙහුය.
وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ
තවද ගාල් කරන්නට සවසට දක්කාගෙන එන විට ද තණ බුදින්නට (උදෑසන) දක්කාගෙන යන විට ද නුඹලාට එහි අලංකාරය ඇත.
وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَمْ تَكُونُوا بَالِغِيهِ إِلَّا بِشِقِّ الْأَنْفُسِ ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَحِيمٌ
නුඹලා අසීරුවෙන් මිස ඒ වෙත ගෙන යාමට නොහැකි වූ ගමක් වෙත උන් නුඹලාගේ බඩුබාහිරාදිය උසුලාගෙන යති. නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති සානුකම්පිතය. මහා කාරුණිකය.
وَالْخَيْلَ وَالْبِغَالَ وَالْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ
තවද අලංකාරයක් ලෙස ද ඒවායෙහි නැග ප්‍රවාහනය කරනු පිණිස ද අශ්වයින් කොටළුවන් හා බූරුවන් ද (ඔහු මැව්වේය.) තවද නුඹලා නොදන්නා දෑ ද ඔහු මවනු ඇත.
وَعَلَى اللَّهِ قَصْدُ السَّبِيلِ وَمِنْهَا جَائِرٌ ۚ وَلَوْ شَاءَ لَهَدَاكُمْ أَجْمَعِينَ
තවද ඍජු මාර්ගය පහදා දීම අල්ලාහ් සතුවය. තවද මාර්ග අතරින් වැරදි මාර්ග ද ඇත. තවද ඔහු අභිමත කළේ නම් ඔහු නුඹලා සියලු දෙනාට මග පෙන්වන්නට තිබුණි.

Choose other languages: