Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #8 Translated in Sinhalese

خَلَقَ الْإِنْسَانَ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ
ශුක්‍රාණු බිඳුවකින් ඔහු මිනිසා ව මැව්වේය. එවිට පවා ඔහු ප්‍රකට වාද කරන්නෙකු වී ඇත.
وَالْأَنْعَامَ خَلَقَهَا ۗ لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَافِعُ وَمِنْهَا تَأْكُلُونَ
තවද ගොවිපළ සතුන් ද ඔහු නුඹලා වෙනුවෙන් ඒවා මැව්වේය. එහි නුඹලාට ආරක්ෂිත ඇඟලුම් හා ප්‍රයෝජන ඇත. තවද නුඹලා ඒවායින් අනුභව කරන්නෙහුය.
وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ
තවද ගාල් කරන්නට සවසට දක්කාගෙන එන විට ද තණ බුදින්නට (උදෑසන) දක්කාගෙන යන විට ද නුඹලාට එහි අලංකාරය ඇත.
وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَمْ تَكُونُوا بَالِغِيهِ إِلَّا بِشِقِّ الْأَنْفُسِ ۚ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَحِيمٌ
නුඹලා අසීරුවෙන් මිස ඒ වෙත ගෙන යාමට නොහැකි වූ ගමක් වෙත උන් නුඹලාගේ බඩුබාහිරාදිය උසුලාගෙන යති. නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති සානුකම්පිතය. මහා කාරුණිකය.
وَالْخَيْلَ وَالْبِغَالَ وَالْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً ۚ وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ
තවද අලංකාරයක් ලෙස ද ඒවායෙහි නැග ප්‍රවාහනය කරනු පිණිස ද අශ්වයින් කොටළුවන් හා බූරුවන් ද (ඔහු මැව්වේය.) තවද නුඹලා නොදන්නා දෑ ද ඔහු මවනු ඇත.

Choose other languages: