Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #24 Translated in Sinhalese

وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَا يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ
අල්ලාහ් හැර දමා ඔවුන් අයැද සිටින අය කිසිවක් නොමවන අතර ඔවුහු ද (අල්ලාහ් විසින්) මවනු ලබන්නෝ වෙති.
أَمْوَاتٌ غَيْرُ أَحْيَاءٍ ۖ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ
ඔවුහු ප්‍රාණය නොමැති මළවුන් ය. තවද ඔවුහු නැවත නැගිටුවනු ලබනුයේ කවදා දැයි වටහා නොගනිති.
إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۚ فَالَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ قُلُوبُهُمْ مُنْكِرَةٌ وَهُمْ مُسْتَكْبِرُونَ
නුඹලාගේ දෙවිඳු එකම දෙවිඳාය. එහෙයින් පරමාන්ත දිනය පිළිබඳ ව විශ්වාස නොකරන්නන් වන ඔවුන්ගේ හදවත් (එය විශ්වාස කිරීමට) පිළිකුල් කරයි. තවද ඔවුහු අහංකාරකම් පාන්නෝ වෙති.
لَا جَرَمَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُسْتَكْبِرِينَ
ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන්ම අල්ලාහ් දන්නා බවට කිසිදු සැකයක් නැත. නියත වශයෙන්ම ඔහු අහංකාරකම් පාන්නන් ප්‍රිය නොකරයි.
وَإِذَا قِيلَ لَهُمْ مَاذَا أَنْزَلَ رَبُّكُمْ ۙ قَالُوا أَسَاطِيرُ الْأَوَّلِينَ
තවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක්දැයි ඔවුන් විමසනු ලැබූ විට මුතුන්මිත්තන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔවුහු පැවසූහ.

Choose other languages: