Quran Apps in many lanuages:

Surah An-Nahl Ayahs #116 Translated in Sinhalese

وَضَرَبَ اللَّهُ مَثَلًا قَرْيَةً كَانَتْ آمِنَةً مُطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِنْ كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللَّهِ فَأَذَاقَهَا اللَّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُوا يَصْنَعُونَ
තවද අල්ලාහ් ගම්මානයක් උදාහරණයක් ලෙස ගෙන හැර පෙන්වීය. එය සුරක්ෂිත සාමකාමී විය. සෑම තැනකින්ම පෝෂණය ඒ වෙත පැමිණියේය. නමුත් එය (ගම් වාසීහු) අල්ලාහ්ගේ ආශිර්වාදය පිළිබඳ ගුණ මකු විය. එවිට ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සාගින්නෙහි හා බියෙහි වස්ත්‍රය එයට විඳවන්නට සැලස් විය.
وَلَقَدْ جَاءَهُمْ رَسُولٌ مِنْهُمْ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ الْعَذَابُ وَهُمْ ظَالِمُونَ
තවද ඔවුන් අතුරන් දූතයකු ඔවුන් වෙත සැබැවින්ම පැමිණියේය. නමුත් ඔවුහු ඔහු ව බොරු කළෝය. එහෙයින් ඔවුන් අපරාධකරුවන් ව සිටිය දී දඬුවම ඔවුන් ව ග්‍රහණය කළේය.
فَكُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ حَلَالًا طَيِّبًا وَاشْكُرُوا نِعْمَتَ اللَّهِ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ
එහෙයින් අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් පිවිතුරු, අනුමත දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ටම නැමදුම් කරමින් සිටියෙහු නම් ඔහුගේ ආශිර්වාදයට නුඹලා කෘතඥ වනු.
إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنْزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ ۖ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
නියත වශයෙන්ම නුඹලා වෙත ඔහු තහනම් කර ඇත්තේ මළ දෑ, රුධිරය, ශූකර මාංශ හා කවර දෙයක් අල්ලාහ් නොවන දෑට කපන ලද්දේ ද ඒවාය. නමුත් කවරෙකු හෝ බල කරනු ලැබුවේ නම් ඔහු අසාධාරණ ලෙසින් හා සීමාව ඉක්මවීමෙන් තොරව (ඒවා අනුභව කළේ නම්) එවිට අල්ලාහ් අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය.
وَلَا تَقُولُوا لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ الْكَذِبَ هَٰذَا حَلَالٌ وَهَٰذَا حَرَامٌ لِتَفْتَرُوا عَلَى اللَّهِ الْكَذِبَ ۚ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ لَا يُفْلِحُونَ
අල්ලාහ් කෙරෙහි නුඹලා බොරු ගොතනු වස් නුඹලාගේ දිව වල් වර්ණනා කරන දෑට මෙය අනුමතය. මෙය තහනම්ය යැයි නුඹලා නොපවසනු. නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන් ජය නොලබති.

Choose other languages: