Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #51 Translated in Sinhalese

وَلَوْلَا أَنْ تُصِيبَهُمْ مُصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَيَقُولُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ
තවද ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් විපතක් සිදු වී ‘අපගේ පරමාධිපතියාණනි! අප වෙත දූතයකු එවිය යුතු නොවේ ද? එසේනම් ඔබගේ වදන් අපි පිළිපදින්නට තිබුණි. තවද දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නට ද තිබුණි’ යැයි ඔවුහු නොපවසනු පිණිසය.
فَلَمَّا جَاءَهُمُ الْحَقُّ مِنْ عِنْدِنَا قَالُوا لَوْلَا أُوتِيَ مِثْلَ مَا أُوتِيَ مُوسَىٰ ۚ أَوَلَمْ يَكْفُرُوا بِمَا أُوتِيَ مُوسَىٰ مِنْ قَبْلُ ۖ قَالُوا سِحْرَانِ تَظَاهَرَا وَقَالُوا إِنَّا بِكُلٍّ كَافِرُونَ
අප වෙතින් ඔවුන් වෙත සත්යය පැමිණි කල්හි මූසාට දෙනු ලැබූවාක් මෙන් යමක් දෙනු ලැබිය යුතු නොවේ දැ?යි විමසති. මීට පෙර මූසාට දෙනු ලැබූ දෑ ඔවුහු ප්‍රතික්ෂේප නොකළෝ ද? ඔවුන් එකිනෙකාට සහය දෙන මායාකරුවන් දෙදෙනෙකි යැයි ඔවුහු පැවසූහ. තවද නියත වශයෙන්ම අපි සියල්ල ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු යැයි ද ඔවුහු පැවසූහ.
قُلْ فَأْتُوا بِكِتَابٍ مِنْ عِنْدِ اللَّهِ هُوَ أَهْدَىٰ مِنْهُمَا أَتَّبِعْهُ إِنْ كُنْتُمْ صَادِقِينَ
නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් ඒ දෙකට වඩා යහමග පෙන්වන ධර්ම ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ගෙන එනු. මම එය පිළිපදින්නෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
فَإِنْ لَمْ يَسْتَجِيبُوا لَكَ فَاعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَاءَهُمْ ۚ وَمَنْ أَضَلُّ مِمَّنِ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِنَ اللَّهِ ۚ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
ඔබට ඔවුහු පිළිතුරු නොදුන්නේ නම් එවිට දැන ගනු! නියත වශයෙන්ම ඔවුන් අනුගමනය කරනුයේ ඔවුන්ගේ ආශාවන්ය. අල්ලාහ් වෙතින් වූ මගපෙන්වීම හැර දමා තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගිය අය කවරෙකු ද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකාරී ජනයාට යහ මග පෙන්වන්නේ නැත.
وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
තවද සැබැවින්ම ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔවුනට එම ප්‍රකාශය ලැබෙන්නට සැලැස්සුවෙමු.

Choose other languages: