Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #53 Translated in Sinhalese

قُلْ فَأْتُوا بِكِتَابٍ مِنْ عِنْدِ اللَّهِ هُوَ أَهْدَىٰ مِنْهُمَا أَتَّبِعْهُ إِنْ كُنْتُمْ صَادِقِينَ
නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් ඒ දෙකට වඩා යහමග පෙන්වන ධර්ම ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ගෙන එනු. මම එය පිළිපදින්නෙමි යැයි (නබිවරය!) නුඹ පවසනු.
فَإِنْ لَمْ يَسْتَجِيبُوا لَكَ فَاعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَاءَهُمْ ۚ وَمَنْ أَضَلُّ مِمَّنِ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِنَ اللَّهِ ۚ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
ඔබට ඔවුහු පිළිතුරු නොදුන්නේ නම් එවිට දැන ගනු! නියත වශයෙන්ම ඔවුන් අනුගමනය කරනුයේ ඔවුන්ගේ ආශාවන්ය. අල්ලාහ් වෙතින් වූ මගපෙන්වීම හැර දමා තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගිය අය කවරෙකු ද? නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකාරී ජනයාට යහ මග පෙන්වන්නේ නැත.
وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
තවද සැබැවින්ම ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස ඔවුනට එම ප්‍රකාශය ලැබෙන්නට සැලැස්සුවෙමු.
الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ مِنْ قَبْلِهِ هُمْ بِهِ يُؤْمِنُونَ
මීට පෙර අපි ඔවුනට ධර්ම ග්‍රන්ථය පිරිනැමූ අය වනාහි ඔවුහු එය විශ්වාස කරති.
وَإِذَا يُتْلَىٰ عَلَيْهِمْ قَالُوا آمَنَّا بِهِ إِنَّهُ الْحَقُّ مِنْ رَبِّنَا إِنَّا كُنَّا مِنْ قَبْلِهِ مُسْلِمِينَ
තවද ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට ‘අපි එය විශ්වාස කළෙමු. නියත වශයෙන්ම එය අපගේ පරමාධිපතිගෙන් වූ සත්යයකි. නියත වශයෙන්ම අපි මීට පෙර පවා අවනත වන්නන් ලෙස සිටියෙමු’ යැයි ඔවුහු පැවසූහ.

Choose other languages: