Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #7 Translated in Sinhalese

نَتْلُو عَلَيْكَ مِنْ نَبَإِ مُوسَىٰ وَفِرْعَوْنَ بِالْحَقِّ لِقَوْمٍ يُؤْمِنُونَ
දේවත්වය විශ්වාස කරන ජනයා සඳහා මූසාගේ හා ෆිර්අවුන්ගේ පුවත සැබෑ ලෙසින් අපි ඔබ වෙත කියවා පෙන්වමු.
إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا يَسْتَضْعِفُ طَائِفَةً مِنْهُمْ يُذَبِّحُ أَبْنَاءَهُمْ وَيَسْتَحْيِي نِسَاءَهُمْ ۚ إِنَّهُ كَانَ مِنَ الْمُفْسِدِينَ
නියත වශයෙන්ම ෆිර්අවුන් මහපොළොවේ අබිබවා ගියේය. තවද ඔහු එහි වැසියන් කණ්ඩායම් වලට බෙදා ඔවුන් අතරින් පිරිසක් දුර්වල කොට ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන් ජීවත් කරවීය. නියත වශයෙන්ම ඔහු කලහකාරීන් අතරින් කෙනෙකු විය.
وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ
තවද මහපොළොවේ දුර්වලයින් බවට පත් කරනු ලැබූවන් හට උපකාර කිරීමටත් ඔවුන් නායකයින් බවට පත් කිරීමටත් ඔවුන් උරුමක්කරුවන් බවට පත් කිරීමටත් අපි අපේක්ෂා කළෙමු.
وَنُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَنُرِيَ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا مِنْهُمْ مَا كَانُوا يَحْذَرُونَ
තවද ඔවුනට අපි මහපොළොවේ පහසුකම් සලසා දීමටත් ෆිර්අවුන් හා හාමාන්ට ද ඔවුන් දෙදෙනාගේ සේනාවන්ට ද ඔවුන් අතරින් කවර දෙයක් පිළිබඳ ඔවුන් ප්‍රවේශමෙන් කටයුතු කළේ ද එය ඔවුනට අප පෙන්වීමටත් (අපි අපේක්ෂා කළෙමු).
وَأَوْحَيْنَا إِلَىٰ أُمِّ مُوسَىٰ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلَا تَخَافِي وَلَا تَحْزَنِي ۖ إِنَّا رَادُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ الْمُرْسَلِينَ
තවද ඔහුට කිරි දෙන මෙන් මූසාගේ මවට දේව පණිවිඩ දන්වා සිටියෙමු. ඔබ ඔහු කෙරෙහි බිය වූ විට ඔහුව ගඟට දමනු. තවද ඔබ බිය නොවනු. ඔබ දුක් ද නොවනු. නියත වශයෙන්ම අපි ඔබ වෙත ඔහු නැවත ලබා දෙන්නන් වෙමු. එමෙන්ම අපි ඔහු ධර්ම දූතයින් අතරින් කෙනෙකු බවට පත් කරන්නෝ වෙමු.

Choose other languages: