Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #40 Translated in Sinhalese

فَلَمَّا جَاءَهُمْ مُوسَىٰ بِآيَاتِنَا بَيِّنَاتٍ قَالُوا مَا هَٰذَا إِلَّا سِحْرٌ مُفْتَرًى وَمَا سَمِعْنَا بِهَٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ
මූසා අපගේ පැහැදිලි සංඥා සමග ඔවුන් වෙත පැමිණි කල්හි ‘මෙය නිර්මාණය කරනු ලැබූ මායාවක් මිස නැතැයි ද අපගේ මුල් මුතුන්මිත්තන් තුළ අපි මේ ගැන අසා නැත්තෙමු’ යැයි ද ඔවුහු පැවසූහ.
وَقَالَ مُوسَىٰ رَبِّي أَعْلَمُ بِمَنْ جَاءَ بِالْهُدَىٰ مِنْ عِنْدِهِ وَمَنْ تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ ۖ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ
තමන් වෙතින් යහමග රැගෙන ආවේ කවුරුන් දැයි ද අවසන් නිවහන කවුරුන් සතු වන්නේ දැයි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය. නියත වශයෙන්ම අපරාධකරුවන් ජය නොලබනු ඇතැයි මූසා පැවසීය.
وَقَالَ فِرْعَوْنُ يَا أَيُّهَا الْمَلَأُ مَا عَلِمْتُ لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرِي فَأَوْقِدْ لِي يَا هَامَانُ عَلَى الطِّينِ فَاجْعَلْ لِي صَرْحًا لَعَلِّي أَطَّلِعُ إِلَىٰ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُ مِنَ الْكَاذِبِينَ
තවද ෆිර්අව්න් (මෙසේ) පැවැසුවේය. අහෝ ප්‍රධානියනි! මා හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට ඇතැයි මම නොදනිමි. එහෙයින් අහෝ හාමාන්! මූසාගේ දෙවියා වෙත එබී බැලිය හැකිවනු පිණිස මා වෙනුවෙන් උස් මැඳුරක් තනනු. තවද සැබැවින්ම ඔහු මුසාවාදීන් අතරින් යැයි මම සිතමි.
وَاسْتَكْبَرَ هُوَ وَجُنُودُهُ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَظَنُّوا أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَ
තවද ඔහු හා ඔහුගේ සේනාවන් යුක්තියෙන් තොර ව මහපොළොවෙහි අහංකාරකම් පෑවෝය. නියත වශයෙන්ම ඔවුන් අප වෙත නැවත හැරී එනු නොලබන බව ඔවුහු සිතුවෝය.
فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ
එහෙයින් ඔහු හා ඔහුගේ සේනාව අපි හසු කළෙමු. අපි ඔවුන් මුහුදට හෙළුවෙමු. එහෙයින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි (නබිවරය!) නුඹ අවධානයෙන් බලනු.

Choose other languages: