Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #36 Translated in Sinhalese

اسْلُكْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ وَاضْمُمْ إِلَيْكَ جَنَاحَكَ مِنَ الرَّهْبِ ۖ فَذَانِكَ بُرْهَانَانِ مِنْ رَبِّكَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ
ඔබේ අත ඔබේ සාක්කුව තුළට දමනු. එය කිසිදු හානියකින් තොර ව සුදුවන් ලෙසින් (බැබළෙමින්) හෙළිවනු ඇත. බිය දැනුණු විට ඔබේ (ඇළපත වෙතට) බාහුව ළං කර ගනු. ඒ දෙක ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත ඔබේ පරමාධිපති වෙතින් වූ සාධක දෙකකි. නියත වශයෙන්ම ඔවුහු පාපතර පිරිසක් වූහ.
قَالَ رَبِّ إِنِّي قَتَلْتُ مِنْهُمْ نَفْسًا فَأَخَافُ أَنْ يَقْتُلُونِ
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් අතරින් කෙනෙකු ව මම මරා දැමුවෙමි. එහෙයින් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසීය.
وَأَخِي هَارُونُ هُوَ أَفْصَحُ مِنِّي لِسَانًا فَأَرْسِلْهُ مَعِيَ رِدْءًا يُصَدِّقُنِي ۖ إِنِّي أَخَافُ أَنْ يُكَذِّبُونِ
තවද මාගේ සහෝදර හාරූන් වන ඔහු මට වඩා කතාවෙන් චතුරය. එහෙයින් මා තහවුරු කරන උදව්කරුවකු වශයෙන් ඔබ ඔහු මා සමග එවනු. ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන්ම මම බිය වෙමි (යැයි මූසා පැවසීය.)
قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجْعَلُ لَكُمَا سُلْطَانًا فَلَا يَصِلُونَ إِلَيْكُمَا ۚ بِآيَاتِنَا أَنْتُمَا وَمَنِ اتَّبَعَكُمَا الْغَالِبُونَ
(එයට අල්ලාහ්) ඔබේ උර ඔබේ සහෝදරයා මගින් අපි ශක්තිමත් කරන්නෙමු. තවද ඔබ දෙදෙනාට බලයක් ඇති කරන්නෙමු. එහෙයින් ඔවුහු ඔබ දෙදෙනා වෙත සමීප නොවනු ඇත. අපගේ සංඥා මගින් ඔබ දෙදෙනා හා ඔබ දෙදෙනා අනුගමනය කළවුන් (ජය ලබා) අබිබවා යන්නෝ වෙති.
فَلَمَّا جَاءَهُمْ مُوسَىٰ بِآيَاتِنَا بَيِّنَاتٍ قَالُوا مَا هَٰذَا إِلَّا سِحْرٌ مُفْتَرًى وَمَا سَمِعْنَا بِهَٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ
මූසා අපගේ පැහැදිලි සංඥා සමග ඔවුන් වෙත පැමිණි කල්හි ‘මෙය නිර්මාණය කරනු ලැබූ මායාවක් මිස නැතැයි ද අපගේ මුල් මුතුන්මිත්තන් තුළ අපි මේ ගැන අසා නැත්තෙමු’ යැයි ද ඔවුහු පැවසූහ.

Choose other languages: