Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #30 Translated in Sinhalese

قَالَتْ إِحْدَاهُمَا يَا أَبَتِ اسْتَأْجِرْهُ ۖ إِنَّ خَيْرَ مَنِ اسْتَأْجَرْتَ الْقَوِيُّ الْأَمِينُ
මාගේ පියාණනි! ඔබ මොහු කුලී කරුවකු බවට පත් කර ගනු. ඔබ කුලී කරුවකු බවට පත් කර ගන්නන්ගෙන් ශ්රේෂ්ඨ වනුයේ විශ්වාසනීය බලවත් අයකි යැයි ඔවුන් දෙදෙනාගෙන් එකියක පැවසුවාය.
قَالَ إِنِّي أُرِيدُ أَنْ أُنْكِحَكَ إِحْدَى ابْنَتَيَّ هَاتَيْنِ عَلَىٰ أَنْ تَأْجُرَنِي ثَمَانِيَ حِجَجٍ ۖ فَإِنْ أَتْمَمْتَ عَشْرًا فَمِنْ عِنْدِكَ ۖ وَمَا أُرِيدُ أَنْ أَشُقَّ عَلَيْكَ ۚ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ مِنَ الصَّالِحِينَ
වසර අටක් මට ඔබ කුලී සේවයේ නිරත වීමේ පදනම යටතේ මේ මාගේ දූවරුන් දෙදෙනාගෙන් එකියක ඔබට විවාහ කර දීමට නියත වශයෙන්ම මම අදහස් කරමි. නමුත් ඔබ වසර දහයක් සම්පූර්ණ කළෙහි නම් එය (විය යුත්තේ) ඔබේ කැමැත්ත අනුවය. මම ඔබ දුෂ්කරතාවට පත් කිරීමට ප්රිය නොකරමි. අල්ලාහ් අභිමත කළේ නම් දැහැමියන් අතරින් කෙනෙකු ලෙසින් ඔබ මා දකිනු ඇතැයි ඔහු(පියා) පැවසීය.
قَالَ ذَٰلِكَ بَيْنِي وَبَيْنَكَ ۖ أَيَّمَا الْأَجَلَيْنِ قَضَيْتُ فَلَا عُدْوَانَ عَلَيَّ ۖ وَاللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌ
එය මා අතර හා ඔබ අතර වූවකි. කාලයන් දෙකින් කවර(කාලය)ක් මා ඉටු කළ ද එවිට මා වෙත කිසිදු විරුද්ධතාවක් නොමැත. තවද අල්ලාහ් අප පවසන දෑ වෙත භාරකරුය යැයි ඔහු පැවසීය.
فَلَمَّا قَضَىٰ مُوسَى الْأَجَلَ وَسَارَ بِأَهْلِهِ آنَسَ مِنْ جَانِبِ الطُّورِ نَارًا قَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَعَلِّي آتِيكُمْ مِنْهَا بِخَبَرٍ أَوْ جَذْوَةٍ مِنَ النَّارِ لَعَلَّكُمْ تَصْطَلُونَ
මූසා කාලවකවානුව අවසන් කොට තම පවුල සමග ගමන් ගත් කල්හි තූර් කන්ඳ අසලින් ගින්නක් දුටුවේය. ‘නුඹලා මෙහි රැඳී සිටිනු. නියත වශයෙන්ම මම ගින්නක් දුටිමි. ඉන් යම් තොරතුරක් හෝ නුඹලා උණුසුම ලබනු පිණිස ගිනි පෙනෙල්ලක් හෝ නුඹලා වෙත ගෙන එන්නට මට හැකි වනු ඇත යැයි පැවසීය.
فَلَمَّا أَتَاهَا نُودِيَ مِنْ شَاطِئِ الْوَادِ الْأَيْمَنِ فِي الْبُقْعَةِ الْمُبَارَكَةِ مِنَ الشَّجَرَةِ أَنْ يَا مُوسَىٰ إِنِّي أَنَا اللَّهُ رَبُّ الْعَالَمِينَ
එවිට ඒ වෙත ඔහු පැමිණි කල්හි ආශිර්වාද කරනු ලැබූ භූමියේ දකුණු පස නිම්නය දෙසින් පිහිටි ගසින් ‘අහෝ මූසා! සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් මම වෙමි යැයි අමතනු ලැබීය.

Choose other languages: