Quran Apps in many lanuages:

Surah Al-Qasas Ayahs #17 Translated in Sinhalese

فَرَدَدْنَاهُ إِلَىٰ أُمِّهِ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
(එලෙස) අපි ඔහුව ඔහුගේ මව වෙතම නැවත භාර දුනිමු. (එබැවින්) ඇයගේ ඇස් පිනා යාමටද ඇය දුක් නොවීමටද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි යැයි ඇය දැන ගැනීමට ද සැලැස්සුවෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.
وَلَمَّا بَلَغَ أَشُدَّهُ وَاسْتَوَىٰ آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
තවද ඔහු ඔහුගේ වැඩිවියට ළඟා වී පරිනතභාවයට පත් වූ කල්හි අපි ඔහුට ප්‍රඥාව හා ඥානය පිරිනැමුවෙමු. තවද එලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
وَدَخَلَ الْمَدِينَةَ عَلَىٰ حِينِ غَفْلَةٍ مِنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَٰذَا مِنْ شِيعَتِهِ وَهَٰذَا مِنْ عَدُوِّهِ ۖ فَاسْتَغَاثَهُ الَّذِي مِنْ شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ فَوَكَزَهُ مُوسَىٰ فَقَضَىٰ عَلَيْهِ ۖ قَالَ هَٰذَا مِنْ عَمَلِ الشَّيْطَانِ ۖ إِنَّهُ عَدُوٌّ مُضِلٌّ مُبِينٌ
තවද එහි වැසියන් නොසැලකිල්ලෙන් සිටි මොහොතක ඔහු නගරයට පිවිසීය. තම පාර්ශවයෙන් වූ කෙනෙකු හා ඔහුගේ සතුරන්ගෙන් කෙනෙකු යන ගහ මරා ගන්නා පුද්ගලයින් දෙදෙනෙකු ඔහු දුටුවේය. එවිට තම පාර්ශවයේ පුද්ගලයා ඔහුගේ සතුරන්ගෙන් කෙනෙකු වූ අයට එරෙහි ව ඔහුගෙන් උදව් පැතීය. එවිට ඔහු(මූසා) ඔහුට පහරක් ගැසීය. එවිට ඔහු මරණයට පත් විය. ‘මෙය ෂෙයිතාන්ගේ ක්රියාවකි. නියත වශයෙන්ම ඔහු නොමග යවන පැහැදිලි සතුරකි’ යැයි ඔහු පැවසීය.
قَالَ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي فَغَفَرَ لَهُ ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම මම මටම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මට සමාව දෙනු මැනව! යැයි ඔහු ප්රාර්ථනා කළේය. එවිට ඔහු ඔහුට සමාව දුන්නේය. නියත වශයෙන්ම ඔහුමය මහා කරුණාන්විත අතික්ෂමාශීලී.
قَالَ رَبِّ بِمَا أَنْعَمْتَ عَلَيَّ فَلَنْ أَكُونَ ظَهِيرًا لِلْمُجْرِمِينَ
මාගේ පරමාධිපතියාණනි! ඔබ මට ආශිර්වාද කළ දෑ හේතුවෙන් මම කිසිවිටෙක වැරදිකරන්නන් හට උර දෙන්නෙකු නොවෙමි යැයි ඔහු පැවසීය.

Choose other languages: