Quran Apps in many lanuages:

Surah Al-Mumenoon Ayahs #38 Translated in Sinhalese

وَلَئِنْ أَطَعْتُمْ بَشَرًا مِثْلَكُمْ إِنَّكُمْ إِذًا لَخَاسِرُونَ
තවද නුඹලා මෙන් වූ මිනිසකුට නුඹලා යටත් වූයේ නම් එවිට නියත වශයෙන්ම නුඹලා අලාභවන්තයෝ වන්නෙහුය.
أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنْتُمْ تُرَابًا وَعِظَامًا أَنَّكُمْ مُخْرَجُونَ
නියත වශයෙන්ම නුඹලා මිය ගොස්, පස් හා අස්ථි බවට නුඹලා පත් වූ විට නියත වශයෙන්ම නුඹලා (ට නැවත ප්රාණය දී) බැහැර කරනු ලබන්නෝ යැයි ඔහු නුඹලාට ප්‍රතිඥාවක් දෙන්නේ ද?
هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ
නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ දුරස්ය. ඉතා දුරස්ය.
إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ
මෙය, අපගේ මෙලොව ජීවිතය හැර වෙනෙකක් නොවේ. අපි මිය යන්නෙමු. තවද අපි ජීවත් වන්නෙමු. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.
إِنْ هُوَ إِلَّا رَجُلٌ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُ بِمُؤْمِنِينَ
ඔහු අල්ලාහ්ට එරෙහිව බොරුවක් ගොතා පවසන මිනිසෙකු මිස නැත. තවද අපි ඔහු ව විශ්වාස කරන්නන් නොවෙමු.

Choose other languages: