Quran Apps in many lanuages:

Surah Al-Mumenoon Ayahs #41 Translated in Sinhalese

إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ
මෙය, අපගේ මෙලොව ජීවිතය හැර වෙනෙකක් නොවේ. අපි මිය යන්නෙමු. තවද අපි ජීවත් වන්නෙමු. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.
إِنْ هُوَ إِلَّا رَجُلٌ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُ بِمُؤْمِنِينَ
ඔහු අල්ලාහ්ට එරෙහිව බොරුවක් ගොතා පවසන මිනිසෙකු මිස නැත. තවද අපි ඔහු ව විශ්වාස කරන්නන් නොවෙමු.
قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු පැවසුවේය.
قَالَ عَمَّا قَلِيلٍ لَيُصْبِحُنَّ نَادِمِينَ
මද කලකින් සැබැවින්ම ඔවුන් පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇතැයි ඔහු පැවසුවේය.
فَأَخَذَتْهُمُ الصَّيْحَةُ بِالْحَقِّ فَجَعَلْنَاهُمْ غُثَاءً ۚ فَبُعْدًا لِلْقَوْمِ الظَّالِمِينَ
එවිට මහා හඬ සබෑ ලෙසින්ම ඔවුන් ව හසු කර ගත්තේය. පසු ව වියළී ගිය ඉපැනැලි බවට අපි ඔවුන් පත් කළෙමු. එහෙයින් අපරාධකාරී ජනයාට ශාපයක්ම වේවා!

Choose other languages: