Quran Apps in many lanuages:

Surah Al-Mumenoon Ayahs #23 Translated in Sinhalese

فَأَنْشَأْنَا لَكُمْ بِهِ جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ لَكُمْ فِيهَا فَوَاكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
පසු ව අපි එමගින් නුඹලාට ඉඳි හා මිදියෙන් යුත් උයන් බිහි කළෙමු. එහි නුඹලාට අධික පලතුරුද ඇත. එමගින් නුඹලා අනුභව කරන්නෙහුය.
وَشَجَرَةً تَخْرُجُ مِنْ طُورِ سَيْنَاءَ تَنْبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِلْآكِلِينَ
තවද තූර් සයිනා කන්දෙන් මතු වන ගසක් ද (අපි බිහි කළෙමු.) එය තෙල ද අනුභව කරන්නන්හට ව්යංජනයක් ද හට ගන්වයි.
وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُسْقِيكُمْ مِمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
තවද නියත වශයෙන්ම ගොවිපළ සතුන් තුළ නුඹලාට පාඩමක් ඇත. උන්ගේ උදරය තුළ ඇති දැයින් අපි නුඹලාට පානය සපයන්නෙමු. තවද නුඹලාට එහි බොහෝ ප්‍රයෝජන ද ඇත. තවද නුඹලා එයින් අනුභව කරන්නෙහුය.
وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ
තවද ඒ මත ද නැව මත ද නුඹලා උසුලාගෙන යනු ලබන්නෙහුය.
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ
තවද සැබැවින්ම අපි නූහ් ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු අහෝ මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. නුඹලා බිය බැතිමත් නොවන්නෙහු ද?

Choose other languages: