Quran Apps in many lanuages:

Surah Al-Mulk Ayahs #17 Translated in Sinhalese

وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ ۖ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
තවද නුඹලාගේ ප්‍රකාශයන් රහසිගත ව කියනු. නැතහොත් එය හඬ නගා කියනු. නියත වශයෙන්ම ඔහු හදවත් හි ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ
(සියල්ල) මැවූ ඔහු නොදන්නේද? ඔහු සියුම් ඥානීය; අභිඥානවන්ත ය.
هُوَ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ ذَلُولًا فَامْشُوا فِي مَنَاكِبِهَا وَكُلُوا مِنْ رِزْقِهِ ۖ وَإِلَيْهِ النُّشُورُ
නුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් සැකසුවේ ඔහුය. එහෙයින් එහි පැතිකඩ වල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ.
أَأَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ أَنْ يَخْسِفَ بِكُمُ الْأَرْضَ فَإِذَا هِيَ تَمُورُ
අහසේ සිටින්නා මහපොළොවේ නුඹලාව ගිල් වීම ගැන නුඹලා නිර්භිය ව සිටින්නෙහු ද? එවිට එය කම්පනය වෙමින් පවතී.
أَمْ أَمِنْتُمْ مَنْ فِي السَّمَاءِ أَنْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ۖ فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ
එසේ නැතහොත් අහසෙහි සිටින්නා ගල් කුණාටුවක් නුඹලා වෙත එවීම ගැන නිර්භිය ව සිටින්නෙහු ද? එවිට මාගේ අනතුරු ඇඟවීම කෙසේ දැයි නුඹලා මතු දැන ගනු ඇත.

Choose other languages: