Quran Apps in many lanuages:

Surah Al-Maeda Ayahs #73 Translated in Sinhalese

إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئُونَ وَالنَّصَارَىٰ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَعَمِلَ صَالِحًا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
නියත වශයෙන් ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන් වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද කිතුනුවන් ද ඔවුන් අතරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළ අය වනාහි ඔවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුක ට පත්වන්නෝ ද නොවෙති.
لَقَدْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَأَرْسَلْنَا إِلَيْهِمْ رُسُلًا ۖ كُلَّمَا جَاءَهُمْ رَسُولٌ بِمَا لَا تَهْوَىٰ أَنْفُسُهُمْ فَرِيقًا كَذَّبُوا وَفَرِيقًا يَقْتُلُونَ
සැබැවින් අපි ඉස්රාඊල් දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගතිමු. තවද අපි ඔවුන් වෙත දූතවරු එවීමු. ඔවුන් ආශා නොකරන දෙයක් දූතයකු ඔවුන් වෙත ගෙන ආ සෑම කල්හි ම පිරිසක් ඔවුහු බොරු කළෝය. තවද පිරිසක් ඔවුහු ඝාතනය කළෝය.
وَحَسِبُوا أَلَّا تَكُونَ فِتْنَةٌ فَعَمُوا وَصَمُّوا ثُمَّ تَابَ اللَّهُ عَلَيْهِمْ ثُمَّ عَمُوا وَصَمُّوا كَثِيرٌ مِنْهُمْ ۚ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ
තමන්ට කිසිදු පිරික්සුමක් නොවනු ඇතැයි ඔවුහු සිතූහ. ඔවුහු අන්ධ වූහ. බිහිරි වූහ. ඉන්පසුව ද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. පසුව ද ඔවුන්ගෙන් වැඩි දෙනා අන්ධ වූහ. බිහිරි වූහ. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ ۖ وَقَالَ الْمَسِيحُ يَا بَنِي إِسْرَائِيلَ اعْبُدُوا اللَّهَ رَبِّي وَرَبَّكُمْ ۖ إِنَّهُ مَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ ۖ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ
අල්ලාහ් වන ඔහුමය මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය සැබැවින්ම ප්‍රතික්ෂේප කළෝය. ඉස්රාඊල් දරුවනි! මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ්ට නුඹලා ගැතිකම් කරනු යැයි මසීහ් පැවසුවේය. සැබෑ කරුණ නම් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත.
لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ ثَالِثُ ثَلَاثَةٍ ۘ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا إِلَٰهٌ وَاحِدٌ ۚ وَإِنْ لَمْ يَنْتَهُوا عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ
සැබැවින්ම අල්ලාහ් (ත්‍රිත්වය හෙවත් පියාණන්, පුත්‍රයාණන්, ශුද්ධාත්මයාණන් යන) තිදෙනාගෙන් කෙනෙකි යැයි පැවසූ අය ද ඒක දේවත්වය ප්‍රතික්ෂේප කළෝය. එකම දෙවියන් (අල්ලාහ්) හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔවුන් පවසන දැයින් නොවැළකුණේ නම් ඔවුන් අතරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් නියත වශයෙන්ම අත් වනු ඇත.

Choose other languages: