Quran Apps in many lanuages:

Surah Al-Kahf Ayahs #85 Translated in Sinhalese

فَأَرَدْنَا أَنْ يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِنْهُ زَكَاةً وَأَقْرَبَ رُحْمًا
එහෙයින් ඔවුන්ගේ පරමාධිපති ඔහුට වඩා ශ්‍රේෂ්ඨ පිවිතුරු භාවයෙන් යුත් සෙනෙහසින් වඩාත් සමීප වූ කෙනෙකු ඔවුන් දෙදෙනාට වෙනස්‍ කර දෙනු ඇතැයි අපි සිතුවෙමු
وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنْزٌ لَهُمَا وَكَانَ أَبُوهُمَا صَالِحًا فَأَرَادَ رَبُّكَ أَنْ يَبْلُغَا أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنْزَهُمَا رَحْمَةً مِنْ رَبِّكَ ۚ وَمَا فَعَلْتُهُ عَنْ أَمْرِي ۚ ذَٰلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِعْ عَلَيْهِ صَبْرًا
තවද එම බිත්තිය වූ කලී, එය නගරයේ විසූ අනාථ දරුවන් දෙදෙනෙකුට හිමි ව තිබිණි. තවද ඔවුන් දෙදෙනා සතු නිධන් වස්තුවක් ඊට යටින් විය. තවද ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියකු විය. එවිට නුඹගේ පරමාධිපතිගේ දයාවෙන් ඔවුන් දෙදෙනා වැඩිවියට පත් ව පසු ව ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව ඔවුන් දෙදෙනා මතු කර ගන්නට නුඹගේ පරමාධිපති සිතුවේය. මාගේ තීරණයට අනුව මම මෙය සිදු නොකළෙමි. නුඹ කවර දෙයක් මත ඉවසීමෙන් සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මෙය වේ.
وَيَسْأَلُونَكَ عَنْ ذِي الْقَرْنَيْنِ ۖ قُلْ سَأَتْلُو عَلَيْكُمْ مِنْهُ ذِكْرًا
. (අහෝ නබිවරය!) ඔවුහු නුඹගෙන් දුල් කර්නයින් පිළිබඳ විමසති. ඔහු පිළිබඳ සිහිපත් කරමින් නුඹලා වෙත මම මතුවට කියවා පෙන්වමි යැයි නුඹ පවසනු.
إِنَّا مَكَّنَّا لَهُ فِي الْأَرْضِ وَآتَيْنَاهُ مِنْ كُلِّ شَيْءٍ سَبَبًا
. නියත වශයෙන්ම අපි මහපොළොවෙහි ඔහුට පහසුකම් සලසා දුනිමු. තවද සෑම දෙයකින්ම ඔහුට හේතු මාර්ග පිරිනැමුවෙමු
فَأَتْبَعَ سَبَبًا
එවිට ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.

Choose other languages: