Quran Apps in many lanuages:

Surah Al-Kahf Ayahs #38 Translated in Sinhalese

وَكَانَ لَهُ ثَمَرٌ فَقَالَ لِصَاحِبِهِ وَهُوَ يُحَاوِرُهُ أَنَا أَكْثَرُ مِنْكَ مَالًا وَأَعَزُّ نَفَرًا
තවද ඔහුට (මනා) ඵලදාවක් විය. එවිට ඔහු ඔහුගේ මිතුරා සමග සාකච්ඡාවේ යෙදිමින් ‘මම නුඹට වඩා ධනයෙන් අධික කෙනෙකි. තවද පුද්ගල වශයෙන් ද අති ගෞරවනීය කෙනෙකි’ යැයි පවසා සිටියේය.
وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَنْ تَبِيدَ هَٰذِهِ أَبَدًا
තවද ඔහු තමන්ටම අපරාධ කර ගත්තෙකු ලෙසින් ඔහුගේ උයනට පිවිසීය. ‘මෙය කිසිවිටෙක විනාශ වන්නක් බව මම නොසිතමි යැයි ඔහු පැවසීය.
وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُدِدْتُ إِلَىٰ رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِنْهَا مُنْقَلَبًا
අවසන් හෝරාව සිදුවන්නක් බව ද මම නොසිතමි. මාගේ පරමාධිපති වෙත මම නැවත යොමු කරනු ලැබුව ද (එසේ) හැරී යන ස්ථානයේ මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ මම ලබන්නෙමි’ යැයි ඔහු පැවසුවේය.
قَالَ لَهُ صَاحِبُهُ وَهُوَ يُحَاوِرُهُ أَكَفَرْتَ بِالَّذِي خَلَقَكَ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ سَوَّاكَ رَجُلًا
ඔහුගේ මිතුරා ඔහු සමග සාකච්ඡාවේ යෙදෙමින් ‘නුඹ ව පසින් ද පසු ව ශුක්‍රාණුවෙන් ද මවා මිනිසෙකු ලෙසින් නුඹ ව සැකසූ අයට නුඹ ගුණමකු වන්නෙහි ද?’ යැයි විමසා සිටියේය.
لَٰكِنَّا هُوَ اللَّهُ رَبِّي وَلَا أُشْرِكُ بِرَبِّي أَحَدًا
එනමුත් මාගේ පරමාධිපති අල්ලාහ් වන ඔහුය. තවද මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නොකරමි.

Choose other languages: