Surah Al-Kahf Ayahs #28 Translated in Sinhalese
إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ وَاذْكُرْ رَبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰ أَنْ يَهْدِيَنِ رَبِّي لِأَقْرَبَ مِنْ هَٰذَا رَشَدًا
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස. තවද නුඹට අමතක වී නම් නුඹගේ පරමාධිපති ව මෙනෙහි කරනු. තවද මාගේ පරමාධිපති මීට වඩා සමීප මග පෙන්වීමකින් මට මග පෙන්වන්නට පුළුවනැයි නුඹ පවසනු.
وَلَبِثُوا فِي كَهْفِهِمْ ثَلَاثَ مِائَةٍ سِنِينَ وَازْدَادُوا تِسْعًا
තවද ඔවුහු ඔවුන්ගේ ලෙන තුළ වසර තුන්සීයක් රැඳී සිටියෝය. තවද ඔවුහු (තවත් වසර) නවයක් අමතර ව එකතු කළහ.
قُلِ اللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا ۖ لَهُ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَبْصِرْ بِهِ وَأَسْمِعْ ۚ مَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا يُشْرِكُ فِي حُكْمِهِ أَحَدًا
ඔවුන් රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ්ය. අහස් හි හා මහපොළොවේ ගුප්තය ඔහු සතුය. ඒ පිළිබඳ ව (ඔහු) කෙතරම් මහා නිරීක්ෂක ද? සර්ව ශ්‍රාවක ද? ඔහුගෙන් තොර ව කිසිදු භාරකරුවකු ඔවුනට නොමැත. ඔහුගේ පාලනයෙහි කිසිවකුව ඔහු හවුල් කර නොගනී යැයි (නබිවරය) නුඹ පවසනු.
وَاتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنْ كِتَابِ رَبِّكَ ۖ لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَلَنْ تَجِدَ مِنْ دُونِهِ مُلْتَحَدًا
තවද නුඹගේ පරමාධිපතිගේ ග්‍රන්ථයෙන් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ පාරායනය කරනු. ඔහුගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. තවද ඔහුගෙන් තොර ව ආරක්ෂිත ස්ථානයක් නුඹ කිසිවිටෙක නොලබනු ඇත.
وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ ۖ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا
තවද තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් උදේ සවස තම පරමාධිපතිට ප්‍රාර්ථනා කරන්නන් සමඟ නුඹ ද ඉවසා සිටිනු. මෙලොව ජීවිතයේ අලංකාරය ප්‍රිය කරමින් නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට යොමු නොකරනු. අප ව මෙනෙහි කිරීමෙන් ඔහුගේ හදවත නොසැලකිලිමත්භාවයට අප පත් කළ, තවද තම ආශාවන් අනුගමනය කළ, තවද තම කටයුතු අපතේ ගිය අයට නුඹ අවනත නොවනු.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
