Quran Apps in many lanuages:

Surah Al-Kahf Ayahs #108 Translated in Sinhalese

الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا
ඔවුන් වනාහි මෙලොව ජීවිතයේ තම පරිශ්‍රමය නාස්ති වී ගියවුන්ය. නියත වශයෙන්ම තමන් ක්‍රියාවෙන් දැහැමි දෑ කරන්නන් බව ඔවුහු සිතති.
أُولَٰئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا
තම පරමාධිපතිගේ වදන් හා ඔහුගේ හමු ව ප්‍රතික්ෂේප කළවුන් මොවුහුමය. ඒහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල වී ගියේය. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (ඉන්) කිසිදු බරක වටිනාකමක් ඔවුනට නොදෙන්නෙමු.
ذَٰلِكَ جَزَاؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا وَاتَّخَذُوا آيَاتِي وَرُسُلِي هُزُوًا
එය, ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවින් හා මාගේ වදන් හා මාගේ රසූල්වරුන් ඔවුන් සමච්චලයට ගත් බැවින් නිරය ඔවුන්ගේ ප්‍රතිවිපාකයයි.
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, නවාතැනක් වශයෙන් ෆිර්දවුස් නම් ස්වර්ග උයන් ඔවුනට විය.
خَالِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا
එහි ඔවුන් සදාතනිකයින්ය. එයින් මාරුවීමක් ඔවුහු අපේක්ෂා නොකරති.

Choose other languages: