Quran Apps in many lanuages:

Surah Al-Kahf Ayahs #110 Translated in Sinhalese

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, නවාතැනක් වශයෙන් ෆිර්දවුස් නම් ස්වර්ග උයන් ඔවුනට විය.
خَالِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا
එහි ඔවුන් සදාතනිකයින්ය. එයින් මාරුවීමක් ඔවුහු අපේක්ෂා නොකරති.
قُلْ لَوْ كَانَ الْبَحْرُ مِدَادًا لِكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَنْ تَنْفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا
මාගේ පරමාධිපතිගේ වදන් (ලිවීමට) තීන්ත බවට මුහුද පත් වුව ද මාගේ පරමාධිපතිගේ වදන් (ලියා) නිමා වීමට පෙර මුහුද සිඳී යනු ඇත. එවන් (මුහුද) හා සමාන දෙයක් අපි අමතර ව ගෙන ආව ද (එය ද ප්‍රමාණවත් නොවනු ඇත.) යැයි (නබිවරය) නුඹ පවසනු.
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا
මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමු ව අපේක්ෂා කරමින් සිටියේ ද ඔහු දැහැමි ක්‍රියාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නොකරත්වා! යැයි (නබිවරය) නුඹ පවසනු.

Choose other languages: