Quran Apps in many lanuages:

Surah Al-Jathiya Ayahs #33 Translated in Sinhalese

هَٰذَا كِتَابُنَا يَنْطِقُ عَلَيْكُمْ بِالْحَقِّ ۚ إِنَّا كُنَّا نَسْتَنْسِخُ مَا كُنْتُمْ تَعْمَلُونَ
මෙය නුඹලාට එරෙහි ව සත්‍යයෙන් යුතු ව කතා කරන අපගේ වාර්තාවයි. නියත වශයෙන්ම අපි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සටහන් කරමින් සිටියෙමු.
فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُدْخِلُهُمْ رَبُّهُمْ فِي رَحْمَتِهِ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْمُبِينُ
විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළට ඔවුන් ඇතුළත් කරනු ඇත. එයයි පැහැදිලි ජයග්‍රහණ ය.
وَأَمَّا الَّذِينَ كَفَرُوا أَفَلَمْ تَكُنْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَاسْتَكْبَرْتُمْ وَكُنْتُمْ قَوْمًا مُجْرِمِينَ
තවද ප්‍රතික්ෂේප කළවුන් වූ කලී, (ඔවුන්හට) “නුඹලා වෙත මාගේ වදන් පාරායනය කරමින් නොතිබුණේ ද? එවිට නුඹලා උඩඟු වූයෙහුය. තවද නුඹලා වැරදි කරන පිරිසක් වූයෙහුය. (යැයි කියනු ලැබේ.)
وَإِذَا قِيلَ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَالسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُمْ مَا نَدْرِي مَا السَّاعَةُ إِنْ نَظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ
“තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අවසන් හෝරාව එහි කිසිදු සැකයක් නැත” යැයි කියනු ලැබූ විට අවසන් හෝරාව කුමක් දැයි අපි නොදනිමු. එය අනුමානයක් ලෙසින් මිස අපි නොසිතමු. තවද අපි එය තරයේ විශ්වාස කරන්නන් නොවූයෙමු යැයි නුඹලා පැවසුවෙහුය.
وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
තවද ඔවුන් සිදු කළ දෑහි නපුර ඔවුනට හෙළි විය. ඔවුන් කවර දෙයක් සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගත්තේය.

Choose other languages: