Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #79 Translated in Sinhalese

إِذًا لَأَذَقْنَاكَ ضِعْفَ الْحَيَاةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا
එවිට අපි (මෙලොව) ජීවිතයේ දෙගුණයක් ද මරණයේ දී දෙගුණයක් ද (දඬුවම්) අපි නුඹට විඳවන්නට සලස්වමු. පසු ව නුඹ අපට එරෙහි ව කිසිදු උදව්කරුවකු නොදකිනු ඇත.
وَإِنْ كَادُوا لَيَسْتَفِزُّونَكَ مِنَ الْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا ۖ وَإِذًا لَا يَلْبَثُونَ خِلَافَكَ إِلَّا قَلِيلًا
තවද නුඹ ව මෙම භූමියෙන් පිටුවහල් කරනු පිණිස නුඹ ව එයින් පලවා හරින්නට ඔවුන් තැත් කළෝය. (එසේ කළේ නම්) එවිට නුඹෙන් පසු ව මද කලක් මිස ඔවුන් ද (එහි) රැඳී නොසිටිනු ඇත.
سُنَّةَ مَنْ قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِنْ رُسُلِنَا ۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا
අපගේ රසූල්වරුන් අතුරන් නුඹට පෙර සැබැවින්ම අප එවූ අයගේ පිළිවෙතය (මෙය). තවද අපගේ පිළිවෙතට වෙනස් කිරීමක් නුඹ නොදකිනු ඇත.
أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسِ إِلَىٰ غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ ۖ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا
හිරු මුදුනින් අවරට යෑමේ සිට රාත්‍රි ඝනාන්ධකාරය හට ගන්නා තෙක් සලාතය විධිමත් ව ඉටු කරනු. අලුයම් කාලයේ පාරායනය (හෙවත් ෆජ්රු සලාතය) ද ඉටු කරනු. නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය (සහභාගී වූ බවට) සාක්ෂි දරනු ලබන්නක් විය.
وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَىٰ أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا
තවද රාත්‍රියෙහි නුඹ වෙත (පැවරුණු) අතිරේක(සලාත)යක් වශයෙන්ම එහි තහජ්ජුද් (සලාතය) ඉටු කරනු. නුඹේ පරමාධිපති නුඹ ව මකාම් මහ්මූද් (හෙවත් ප්‍රශංසාලාභී ස්ථානයෙ)හි සැබැවින්ම නුඹ ව නැගිටුවනු ඇත.

Choose other languages: