Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #81 Translated in Sinhalese

سُنَّةَ مَنْ قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِنْ رُسُلِنَا ۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا
අපගේ රසූල්වරුන් අතුරන් නුඹට පෙර සැබැවින්ම අප එවූ අයගේ පිළිවෙතය (මෙය). තවද අපගේ පිළිවෙතට වෙනස් කිරීමක් නුඹ නොදකිනු ඇත.
أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسِ إِلَىٰ غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ ۖ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا
හිරු මුදුනින් අවරට යෑමේ සිට රාත්‍රි ඝනාන්ධකාරය හට ගන්නා තෙක් සලාතය විධිමත් ව ඉටු කරනු. අලුයම් කාලයේ පාරායනය (හෙවත් ෆජ්රු සලාතය) ද ඉටු කරනු. නියත වශයෙන්ම අලුයම් කාලයේ පාරායනය (සහභාගී වූ බවට) සාක්ෂි දරනු ලබන්නක් විය.
وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَىٰ أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا
තවද රාත්‍රියෙහි නුඹ වෙත (පැවරුණු) අතිරේක(සලාත)යක් වශයෙන්ම එහි තහජ්ජුද් (සලාතය) ඉටු කරනු. නුඹේ පරමාධිපති නුඹ ව මකාම් මහ්මූද් (හෙවත් ප්‍රශංසාලාභී ස්ථානයෙ)හි සැබැවින්ම නුඹ ව නැගිටුවනු ඇත.
وَقُلْ رَبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَلْ لِي مِنْ لَدُنْكَ سُلْطَانًا نَصِيرًا
තවද මාගේ පරමාධිපතියාණනි! සත්‍යයේ පිවිසුමෙන් ඔබ මා ඇතුළු කරනු මැනව! තවද සත්‍යයේ පිටවුමෙන් ඔබ මා පිටත් කරනු මැනව! තවද නුඹ වෙතින් වූ උපකාරී වන බලයක් මා වෙත ඇති කරනු මැනව! යැයි (නබිවරය) නුඹ පවසනු.
وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ ۚ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا
තවද සත්‍යය පැමිණියේය. අසත්‍යය විනාශ වී ගියේය. නියත වශයෙන්ම අසත්‍යය විනාශ වී යන්නක්ම විය යැයි (නබිවරය) නුඹ පවසනු.

Choose other languages: