Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #42 Translated in Sinhalese

كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُ عِنْدَ رَبِّكَ مَكْرُوهًا
මේ සියල්ලෙහි නපුර නුඹේ පරමාධිපති අබියස පිළිකුල් සහගත විය.
ذَٰلِكَ مِمَّا أَوْحَىٰ إِلَيْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ ۗ وَلَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتُلْقَىٰ فِي جَهَنَّمَ مَلُومًا مَدْحُورًا
මෙය ප්‍රඥාවෙන් යුතු ව නුඹගේ පරමාධිපති නුඹ වෙත දන්වා සිටි දැයිනි. තවද නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු පත් නොකරනු. එවිට නුඹ දොස් නගනු ලැබ (සියල්ල) අහිමි කර ගත් අයකු සේ නිරයට හෙළනු ලබනු ඇත.
أَفَأَصْفَاكُمْ رَبُّكُمْ بِالْبَنِينَ وَاتَّخَذَ مِنَ الْمَلَائِكَةِ إِنَاثًا ۚ إِنَّكُمْ لَتَقُولُونَ قَوْلًا عَظِيمًا
නුඹලාගේ පරමාධිපති නුඹලාට පිරිමි දරුවන් තෝරා දී ඔහු මලක්වරුන් අතරින් ගැහැනුන් ගත්තේ ද? නියත වශයෙන්ම නුඹලා බරපතල ප්‍රකාශයක් පවසන්නෙහුය.
وَلَقَدْ صَرَّفْنَا فِي هَٰذَا الْقُرْآنِ لِيَذَّكَّرُوا وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًا
තවද ඔවුන් මෙනෙහි කරනු පිණිස මෙම අල් කුර්ආනයේ සැබැවින්ම අපි බොහෝ කරුණු පැහැදිලි කළෙමු. නමුත් එය පිළිකුල මිස වෙනත් කිසිවක් ඔවුනට වැඩි නොකළේය.
قُلْ لَوْ كَانَ مَعَهُ آلِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَابْتَغَوْا إِلَىٰ ذِي الْعَرْشِ سَبِيلًا
ඔවුන් පවසන අයුරින් ඔහු සමග දෙවිවරුන් වී නම් එවිට ඔවුන් අර්ෂ් හි හිමිපාණන් වෙත මග සොයන්නට තිබුණි යැයි නුඹ පවසනු.

Choose other languages: