Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #39 Translated in Sinhalese

وَأَوْفُوا الْكَيْلَ إِذَا كِلْتُمْ وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا
තවද නුඹලා මනින විට මිණුම සම්පූර්ණ කරනු. තවද නිවැරදි තුලාවකින් නුඹලා කිරනු. එය උතුම්ය. තවද අවසානය ද වඩාත් අලංකාරය.
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۚ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا
තවද නුඹට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ මත නුඹ රැඳී නොසිටිනු. නියත වශයෙන්ම ශ්‍රවණය බැල්ම හා සිත යන ඒවා සියල්ල ඒ පිළිබඳ ව විමසනු ලබන්නක් විය.
وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحًا ۖ إِنَّكَ لَنْ تَخْرِقَ الْأَرْضَ وَلَنْ تَبْلُغَ الْجِبَالَ طُولًا
තවද මහපොළොවේ උඩඟුවෙන් ගමන් නොකරනු. නියත වශයෙන්ම නුඹට මහපොළොව හාරා ගමන් කළ නොහැක්කේමය. තවද උසින් කඳුවලට ළං විය නොහැක්කේමය.
كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُ عِنْدَ رَبِّكَ مَكْرُوهًا
මේ සියල්ලෙහි නපුර නුඹේ පරමාධිපති අබියස පිළිකුල් සහගත විය.
ذَٰلِكَ مِمَّا أَوْحَىٰ إِلَيْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ ۗ وَلَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتُلْقَىٰ فِي جَهَنَّمَ مَلُومًا مَدْحُورًا
මෙය ප්‍රඥාවෙන් යුතු ව නුඹගේ පරමාධිපති නුඹ වෙත දන්වා සිටි දැයිනි. තවද නුඹ අල්ලාහ් සමග වෙනත් දෙවියකු පත් නොකරනු. එවිට නුඹ දොස් නගනු ලැබ (සියල්ල) අහිමි කර ගත් අයකු සේ නිරයට හෙළනු ලබනු ඇත.

Choose other languages: