Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #22 Translated in Sinhalese

مَنْ كَانَ يُرِيدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهُ فِيهَا مَا نَشَاءُ لِمَنْ نُرِيدُ ثُمَّ جَعَلْنَا لَهُ جَهَنَّمَ يَصْلَاهَا مَذْمُومًا مَدْحُورًا
කවරෙකු මෙලොව පතන්නේ ද අපි ප්‍රිය කරන අයට අපගේ අභිමතය පරිදි එහි ඔහුට ඉක්මන් කර දෙන්නෙමු. පසු ව නිරය ඔහුට නියම කරන්නෙමු. ඔහු එහි අවමානයට ලක් වූ අභාග්‍ය සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු ඇත.
وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ كَانَ سَعْيُهُمْ مَشْكُورًا
තවද කවරෙකු මතු ලොව අපේක්ෂා කොට දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් ඒ වෙනුවෙන් එහි මහත් පරිශ්‍රමයකින් වෙහෙසෙන්නේ ද එවිට ඔවුන්ගේ පරිශ්‍රමය කෘතඥතාවට ලක් වූවෝ ඔවුහුමය.
كُلًّا نُمِدُّ هَٰؤُلَاءِ وَهَٰؤُلَاءِ مِنْ عَطَاءِ رَبِّكَ ۚ وَمَا كَانَ عَطَاءُ رَبِّكَ مَحْظُورًا
මෙලොව පතන) ඔවුන් හා (මතුලොව පතන) මොවුන් යන සියල්ලන්ටම නුඹගේ පරමාධිපතිගේ ප්‍රසාදයෙන් අපි පිරිනමන්නෙමු. නුඹගේ පරමාධිපතිගේ අනුග්‍රහය වළක්වනු ලබන්නක් නොවීය.
انْظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ ۚ وَلَلْآخِرَةُ أَكْبَرُ دَرَجَاتٍ وَأَكْبَرُ تَفْضِيلًا
ඔවුන්ගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා අපි උසස් කළේ කෙසේ දැයි නුඹ අධීක්ෂණය කරනු. තවද මතුලොව තරාතිරම් වලින් අති මහත්ය. එමෙන්ම මහිමයට පත් කිරීමෙන් ද අති මහත්ය.
لَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَخْذُولًا
අල්ලාහ් සමග වෙනත් දෙවියකු නොගනු. එසේ කළහොත් නුඹ නින්දාවටත් අසරණ බවටත් පත්වනු ඇත.

Choose other languages: