Quran Apps in many lanuages:

Surah Al-Isra Ayahs #110 Translated in Sinhalese

وَقُرْآنًا فَرَقْنَاهُ لِتَقْرَأَهُ عَلَى النَّاسِ عَلَىٰ مُكْثٍ وَنَزَّلْنَاهُ تَنْزِيلًا
තවද කුර්ආනය, එය නවත නවතා ජනයාට නුඹ පාරායනා කරනු පිණිස අපි එය කොටස් කළෙමු. තවද අපි එය (වෙන් වෙන් වූ) පහළ කිරීම් වශයෙන් අපි එය පහළ කළෙමු.
قُلْ آمِنُوا بِهِ أَوْ لَا تُؤْمِنُوا ۚ إِنَّ الَّذِينَ أُوتُوا الْعِلْمَ مِنْ قَبْلِهِ إِذَا يُتْلَىٰ عَلَيْهِمْ يَخِرُّونَ لِلْأَذْقَانِ سُجَّدًا
නුඹලා එය විශ්වාස කරනු. නැතහොත් විශ්වාස නොකරනු යැයි (නබිවරය) නුඹ පවසනු. නියත වශයෙන්ම මීට පෙර දැනුම දෙනු ලැබූවන් වූ ඔවුන් වෙත එය පාරායනය කරනු ලබන විට සුජූද් කරන්නන් ලෙසින් ඔවුහු මුණින් ඇද වැටෙති.
وَيَقُولُونَ سُبْحَانَ رَبِّنَا إِنْ كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولًا
තවද අපගේ පරමාධිපති සුවිශුද්ධය. අපගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නක්ම විය යැයි ඔවුහු පවසති.
وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا ۩
තවද ඔවුහු අඩමින් (සුජූද් කරන්නන් ලෙසින්) මුණින් ඇද වැටෙති. තවද එය ඔවුනට යටහත් පහත්භාවය වර්ධනය කරනු ඇත.
قُلِ ادْعُوا اللَّهَ أَوِ ادْعُوا الرَّحْمَٰنَ ۖ أَيًّا مَا تَدْعُوا فَلَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ ۚ وَلَا تَجْهَرْ بِصَلَاتِكَ وَلَا تُخَافِتْ بِهَا وَابْتَغِ بَيْنَ ذَٰلِكَ سَبِيلًا
නුඹලා අල්ලාහ් යැයි අමතනු. නැතහොත් රහ්මාන් යැයි අමතනු. නුඹලා කවර දෙයක් පවසා ඇමතුව ද ඔහුට අලංකාර නාමයන් ඇත. තවද නුඹගේ සලාතය හඬ නගා ඉටු නොකරනු. තවද එය පහත් හඬින් ද ඉටු නොකරනු. ඒ අතර වූ මාර්ගයක් සොයනු.

Choose other languages: