Quran Apps in many lanuages:

Surah Al-Hijr Ayahs #21 Translated in Sinhalese

وَحَفِظْنَاهَا مِنْ كُلِّ شَيْطَانٍ رَجِيمٍ
තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන්ම අපි එය ආරක්ෂා කළෙමු.
إِلَّا مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُبِينٌ
නමුත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත.
وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ شَيْءٍ مَوْزُونٍ
තවද අපි මහපොළොව දිගු හැරියෙමු. තවද එහි අපි ස්ථීර කඳු හෙළුවෙමු. තවද අපි එහි සෑම වස්තුවකින්ම නිර්ණය කළ දෑ හට ගැන්වූයෙමු.
وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ وَمَنْ لَسْتُمْ لَهُ بِرَازِقِينَ
තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටද ජීවන පහසුකම් ඇති කළෙමු.
وَإِنْ مِنْ شَيْءٍ إِلَّا عِنْدَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَعْلُومٍ
තවද කුමන දෙයක් වුවද එහි ගබඩාවන් අප සතුව මිස වෙනත් කිසිවකු සතුව නැත. තවද අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නොකරන්නෙමු.

Choose other languages: