Quran Apps in many lanuages:

Surah Al-Hashr Ayahs #8 Translated in Sinhalese

ذَٰلِكَ بِأَنَّهُمْ شَاقُّوا اللَّهَ وَرَسُولَهُ ۖ وَمَنْ يُشَاقِّ اللَّهَ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
එය ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව ක්‍රියා කළ බැවිණි. තවද කවරෙකු අල්ලාහ්ට විරුද්ධ වන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.
مَا قَطَعْتُمْ مِنْ لِينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَائِمَةً عَلَىٰ أُصُولِهَا فَبِإِذْنِ اللَّهِ وَلِيُخْزِيَ الْفَاسِقِينَ
නුඹලා යම් රට ඉඳි ගසක් කපා දැමුව ද එසේ නැතහොත් එය එහි මුල් මත තිබෙන්නට හැරිය ද එය අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද ඔහු දුෂ්ඨයින් නින්දාවට පත් කරනු පිණිසය.
وَمَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْهُمْ فَمَا أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍ وَلَا رِكَابٍ وَلَٰكِنَّ اللَّهَ يُسَلِّطُ رُسُلَهُ عَلَىٰ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
ඔවුන්ගෙන් තම දූතයාණන්හට අල්ලාහ් කවර දෙයක් පිරිනැමූවේද ඒ(වා ලබා ගැනීම) සඳහා නුඹලා අශ්වයින් හෝ ඔටුවන් හෝ දක්කාගෙන ගියේ නැත. නමුත් අල්ලාහ් තමන් අභිමත කරන අය වෙත තම දූතවරුන් පවරනු ඇත. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
مَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ كَيْ لَا يَكُونَ دُولَةً بَيْنَ الْأَغْنِيَاءِ مِنْكُمْ ۚ وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ
ගම් වාසීන්ගෙන් අල්ලාහ් තම දූතයාණන්ට යුද සම්පත් වශයෙන් ලබා දුන් දෑ වනාහි එය අල්ලාහ්ට ද ඔහුගේ දූතයාණන්ට ද සමීප ඥාතීන්ට ද අනාථයින්ට ද දුගියන්ට ද මගියන්ට ද හිමිය. එය නුඹලා අතරින් වූ ධනවතුන් අතර පමණක් පරිහරණය නොවනු පිණිසය. තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනු. තවද ඔහු නුඹලාට යමක් වැළැක්වූයේ ද නුඹලා වැළකී සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.
لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأَمْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا وَيَنْصُرُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَٰئِكَ هُمُ الصَّادِقُونَ
ඔවුන්ගේ (උපන්) නිවෙස් වලින් හා ඔවුන්ගේ වස්තුවෙන් පිටුවහල් කරනු ලැබූ දිළිඳු (මුහාජිර්වරු) න්ට ද (කොටසක්) හිමිය. ඔවුහු අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහය හා තෘප්තිය සොයති. තවද ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට උදව් කරති. ඔවුහුමය සත්‍යවාදීහු.

Choose other languages: