Quran Apps in many lanuages:

Surah Al-Hajj Ayahs #64 Translated in Sinhalese

ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِ ثُمَّ بُغِيَ عَلَيْهِ لَيَنْصُرَنَّهُ اللَّهُ ۗ إِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ
එය (අල්ලාහ්ගේ නියමයයි). තවද කවරෙකු කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමාන ව ඔහුට දඬුවම් කොට, එයට පසුව ඔහු කෙරෙහි සීමාව ඉක්මවා හිංසා කරනු ලබයි නම් එවිට අල්ලාහ් සැබැවින්ම ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඉවසන්නාය; අතික්ෂමාශීලීය.
ذَٰلِكَ بِأَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَأَنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ
එය නියත වශයෙන්ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ඇතුළු කරන බැවින්ද දහවල රාත්‍රිය තුළ ඇතුළු කරන බැවින්ද වේ. තවද නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්රාවකය; සර්ව නිරීක්ෂකය.
ذَٰلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ
එය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුම සත්යය බැවිනි. තවද ඔහු හැර දමා ඔවුන් අයැදින දෑ නිෂ්ඵල දෑමය. තවද නියත වශයෙන්ම අල්ලාහ් උත්තරීතරය; අති ශ්රේෂ්ඨය.
أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَتُصْبِحُ الْأَرْضُ مُخْضَرَّةً ۗ إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ
නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට පසුව මහපොළොව සරුසාරවත් වීම නුඹ නොදුටුවෙහි ද? නියත වශයෙන්ම අල්ලාහ් මෛත්‍රිය; අභිඥානවන්තය.
لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَإِنَّ اللَّهَ لَهُوَ الْغَنِيُّ الْحَمِيدُ
අහස් තුළ ඇති දෑ ද මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතුය. තවද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුමය අවශ්යතාවන්ගෙන් තොර, ප්‍රශංසාලාභී වනුයේ.

Choose other languages: