Quran Apps in many lanuages:

Surah Al-Hajj Ayahs #51 Translated in Sinhalese

وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَنْ يُخْلِفَ اللَّهُ وَعْدَهُ ۚ وَإِنَّ يَوْمًا عِنْدَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِمَّا تَعُدُّونَ
තවද ඔවුහු එම දඬුවම ඉක්මන් කරන මෙන් ඔබගෙන් පතති. තවද අල්ලාහ් ඔහුගේ පොරොන්දුව කඩ නොකරන්නේමය. තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අබියස එක් දිනයක්, නුඹලා ගණනය කරන අවුරුදු දාහකට සමානය.
وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِيَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَيَّ الْمَصِيرُ
තවද කෙතරම් ගම්මානයන් වීද? ඒවා අපරාධකරමින් සිටිය දී එයට මම අවකාශ දුනිමි. පසු ව මම ඒවා ග්රහණය කළෙමි. තවද (ඔවුන්ගේ) නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙතය.
قُلْ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا أَنَا لَكُمْ نَذِيرٌ مُبِينٌ
අහෝ ජනයිනි! නියත වශයෙන්ම මම නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙකු පමණය යැයි (නබිවරය!) නුඹ පවසනු.
فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ
එහෙයින් දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත.
وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَٰئِكَ أَصْحَابُ الْجَحِيمِ
තවද අපගේ වදන් නිෂ්ඵල කරන්නට උත්සාහ දැරූවන් වන ඔවුහුමය නිරයේ සගයෝ.

Choose other languages: