Quran Apps in many lanuages:

Surah Al-Hadid Ayahs #29 Translated in Sinhalese

ثُمَّ قَفَّيْنَا عَلَىٰ آثَارِهِمْ بِرُسُلِنَا وَقَفَّيْنَا بِعِيسَى ابْنِ مَرْيَمَ وَآتَيْنَاهُ الْإِنْجِيلَ وَجَعَلْنَا فِي قُلُوبِ الَّذِينَ اتَّبَعُوهُ رَأْفَةً وَرَحْمَةً وَرَهْبَانِيَّةً ابْتَدَعُوهَا مَا كَتَبْنَاهَا عَلَيْهِمْ إِلَّا ابْتِغَاءَ رِضْوَانِ اللَّهِ فَمَا رَعَوْهَا حَقَّ رِعَايَتِهَا ۖ فَآتَيْنَا الَّذِينَ آمَنُوا مِنْهُمْ أَجْرَهُمْ ۖ وَكَثِيرٌ مِنْهُمْ فَاسِقُونَ
පසු ව අපි ඔවුන්ගේ පිය සටහන් මත අපගේ තවත් දූතවරුන් අනුපිළිවෙළින් එව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාවද අනුපිළිවෙළින් එව්වෙමු. තවද අපි ඔහුට ඉන්ජීලය පිරිනැමුවෙමු. තවද ඔහු ව අනුගමනය කළවුන්ගේ හදවත් තුළ ආදරය හා කරුණාව ඇති කළෙමු. ඔවුහු තපස් භාවය අලුතින් ඇති කර ගත්තෝය. අල්ලාහ්ගේ තෘප්තිය සොයනු පිණිස මිස අපි ඔවුන් වෙත එය නියම නොකළෙමු. නමුත් ඔවුන් එය පිළිපැදිය යුතු නියම අයුරින් පිළිපැද්දේ නැත. එහෙයින් ඔවුන් අතරින් විශ්වාස කළවුනට ඔවුන්ගේ කුලිය අපි පිරිනැමුවෙමු. තවද ඔවුන් අතරින් බහුතරයක් දෙනා දුෂ්ඨයෝය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَآمِنُوا بِرَسُولِهِ يُؤْتِكُمْ كِفْلَيْنِ مِنْ رَحْمَتِهِ وَيَجْعَلْ لَكُمْ نُورًا تَمْشُونَ بِهِ وَيَغْفِرْ لَكُمْ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහුගේ දූතයාණන් විශ්වාස කරනු. ඔහුගේ කරුණාවෙන් දෙගුණයක් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා එමගින් ගමන් කරන ආලෝකයක් ද ඔහු නුඹලාට ඇති කරයි. තවද ඔහු නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහා කරුණාන්විතය.
لِئَلَّا يَعْلَمَ أَهْلُ الْكِتَابِ أَلَّا يَقْدِرُونَ عَلَىٰ شَيْءٍ مِنْ فَضْلِ اللَّهِ ۙ وَأَنَّ الْفَضْلَ بِيَدِ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ
අල්ලාහ්ගේ භාග්යයට වඩා කිසිවක් මත තමන් ශක්තිය නොදරන බවත් නියත වශයෙන්ම භාග්යය අල්ලාහ්ගේ අතෙහි ඇති බවත් ඔහු අභිමත කරන අයට එය පිරිනමන බවත් ආගම් ලත් ජනයා දැන ගනු පිණිසය. තවද අල්ලාහ් අතිමහත් භාග්යය සම්පන්නය.

Choose other languages: